Divaina - සිසුවියන් 7දෙනකුට අතවර කළ සැකකාර විදුහල්පති යළි රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

rapeකොත්මලේ කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය පාසලක සිසුවියන් හත්දෙනකු අපයෝජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොත්මලේ පොලිසිය මගින් සැක පිට අත්අඩංගුවට ගෙන ඊයේ (09 දා* දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම විදුහලේ විදුහල්පතිවරයා ඊයේ (9 දා* කොත්මලේ හෙල්බොඩ සංචාරක මහෙස්ත‍්‍රාත් අධිකරණයේ මහෙස්ත‍්‍රාත් චාන්දනි මීගොඩ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු යළිත් මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ තිදරු පියෙකි.

එම විදුහලේ 7, 8, 9, 10 යන ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හත්දෙනකු අවස්ථා කිහිපයකදී විදුහල්පතිවරයා විසින් අපයෝජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොත්මලේ පොලිසියට ඉකුත් 7 වැනිදා ලද පැමිණිල්ලක් මත පොලිසිය මගින් විදුහල්පතිවරයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී. එදිනම නාවලපිටිය වැඩ බලන මහෙස්ත‍්‍රාත් මාස්වෙල මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ඊයේ (9 දා* දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කර තිබුණි.

විදුහල්පතිවරයාගේ බිරිඳ ද එම විදුහලේ ගුරුවරියක වශයෙන් සේවය කරන බවත්, විදුහල්පතිවරයා විසින් අපයෝජනය කළේ යැයි කියන සිසුවියන් විසින් අවස්ථා කිහිපයකදී කරුණු කීවත් ඒ පිළිබඳව විදුහල්පතිගේ බිරිඳ කිසි`දු පියවරක් නොගත් බවත්, සිසුවියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

අපයෝජනයට ලක් වූවේ යැයි කියන සිසුවියකට උදරයේ අමාරුවක් ඇති වී ඇති අතර පසුව ඇය විදුහල්පතිවරයා තමන්ට අතවර කළ බව පවසා ඇත.

තම පාසලේ තවත් සිසුවියන් කිහිපදෙනකු විදුහල්පතිවරයා විසින් අපයෝජනය කරන බවට රෝගාතුර වූ සිසුවිය පැවසීමෙන් අනතුරුව එම සිසුවියන්ගෙන් ද කොත්මලේ පොලිසිය පැමිණිලි සටහන් කර ගෙන ඇත. අනතුරුව සිසුවියන් හත්දෙනාම අධිකරණ වෛද්‍යය පරීක්ෂණයක් සඳහා ගම්පොල මූලික රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කර ඇත.

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති විදුහල්පතිවරයා වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කරන ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් මහතා 08 වැනිදා හමුවූ ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ නායක නුවරඑලිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආරුමුගන් තොණ්ඩමන් මහතා ඉල්ලීමක් ද කර ඇත.

නුවරඑලිය නාලක රත්නායක
 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles