Divaina - 15 හැවිරිදි ශිෂ්‍යයා ලිංගික වැඩවලට පොළඹවා ගත් ගුරුවරිය අත්අඩංගුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p1 50980- ෆෝන් එකෙන්  ඔක්කොම හෙළිවෙයි

- අවුරුදු පහළොවක් වයසැති තම පාසලේ ශිෂ්‍යයකු  ලිංගික කටයුතුවලට යොමුකර ගත් පාසල් ගුරුවරියක 8දා මොනරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල පාසලක සේවය කරන මොනරාගල පදිංචි හතලිස්එක් හැවිරිදි ගුරුවරියක වන දෙදරු මවකි.

ඇය තම පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයා ගුරුවරියගේ නිවසට ගෙන්වා ගෙන ලිංගිකව හැසිරී ඇත.

තම දරුවා ගුරුවරියගේ නිවසට යාමත් ගුරුවරිය නිතරම දුරකථනයෙන් කථා කිරීමත් පිළිබඳව ශිෂ්‍යාගේ මවට සැකයක් මතුවී ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු එස්.එම්.එස් පණිවිඩ පරීක්ෂා කිරීමේදී තම පුතා ගුරුවරිය සමග ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ පිළිබඳව මොනරාගල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ගුරුවරිය අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ගුරුවරිය සමග සිසුවා ලිංගික සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් ඊට ශිෂ්‍යයා පොළඹගෙන ඇත්තේ අකමැත්තෙන් බවත් හෙළිවී තිබේ.

මාස තුනකට ආසන්න කාලයක් ගුරුවරිය සිසුවා පොළඹවා ගෙන තිබේ.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ශිෂ්‍යයා මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

පාසල් ගුරුවරිය ඊයේ (9 දා* මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක වේහිත දේශප‍්‍රිය මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles