Divaina - කළුතර මන්තී‍්‍රගේ සගයෙක් කී‍්‍රඩා පිටියක් හදන මුවාවෙන් කොස්, මහෝගනි, ගිනිකූරු, ඇකේසියා, දෙල්, කොට්ටන් සහ පොල් ගස් විශාල ප‍්‍රමාණයක් කපාදමලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

බණ්ඩාරගම ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක

usssකී‍්‍රඩා පිටියක් ඉදිකරන මුවාවෙන් එක්සත් ජාතික පක්‍ෂ කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුගේ ආධාරකරුවකු රජවත්ත ප‍්‍රදේශයේ මහා වන විනාශයක් සිදු කරන බව කළුතර ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්‍ෂමන් විදාන පතිරණ මහතා ඊයේ (08 දා* සඳහන් කළේය.

ඒ මහතා මේ බැව් සඳහන් කළේ ඊයේ (08 දා* පැවැති කළුතර ප‍්‍රාදේශීය සභාවේ මාසික සභා රැුස්වීමේදී විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

ඒ මහතා මෙසේද පැවසීය.

නාගොඩ සේරුපිට පාරේ රජවත්තේ කී‍්‍රඩාපිටිය ඉදිකරන මුවාවෙන් වටිනා කොස්, මහෝගනි, ගිනිකූරු, ඇකේසියා, දෙල්, කොට්ටන් සහ පොල් ගස් විශාල ප‍්‍රමාණයක් 04 වැනිදා කපා දමලා. 05 වැනිදා ලෝක පරිසර දිනය යෙදී තිබුණු දිනට පෙර දිනයි මේ විනාශය කළේ. බලපත‍්‍ර නොමැතිව මේ ගස් කපන්නේ. ප‍්‍රදේශයේ ජනතාවට සෙවණ ලබා ගන්න තිබුණු ගස් ටික කපලා අද කාන්තාරයක් බවට පත්වෙලා.

ව්‍යාපෘතියට වෙන්කරලා තියෙන්නේ රුපියල් ලක්‍ෂ දහයයි. නමුත් ගස් කපන්න විතරක් රුපියල් ලක්‍ෂයකට වැඩිය යනවා.

සභා බලප‍්‍රදේශයේ මේ කරන වැඩ පිළිබඳව ප‍්‍රාදේශීය සභාව හැටියට සොයා බලන්න කියා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles