Divaina - බොරලැස්ගමුව වැව අසළ මෝටර් රථයක සිටි යුවළකගෙන් ලක්‍ෂයක් කප්පම් ඉල්ලූ කොස්තා පල්වරුන් තිදෙනකුගේ වැඩ තහනම්; තරුණයා විසින් සිය ජංගම දුරකතනයෙන් සියල්ල පටිගත කරගනී....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

jkakkaමෝටර් රථයක සිටි යුවළකගෙන් රුපියල් ලක්‍ෂයක කප්පමක්  ගැනීමට උත්සාහ කළ ගල්කිස්ස මූලස්ථාන පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකුගේ වැඩ තහනම් කිරීමට පොලිසිය පෙරේදා (07 දා* පියවර ගෙන ඇත.
 
 මෝටර් රථය තුළ යුවළක්  පසුගිය ඉරිදා (06 දා*  බොරලැස්ගමුව වැව අසළ සිටියදී පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා එම යුවළගෙන් ප‍්‍රශ්න කර මුදා හැරීම සඳහා රුපියල් ලක්‍ෂයක කප්පම් මුදලක් ඉල්ලා ඇත.
 
 අනතුරුව තරුණයා විසින් එම කප්පම් මුදල රුපියල් 30,000 දක්වා අඩු කරගෙන මෝටර් රථය තුළට කොස්තාපල්වරුන් දෙදෙනෙක් නංවාගෙන බැංකුවකින් මුදල් ලබාගෙන දීමට රැගෙන ගොස් ඇත. මෝටර් රථයෙන් යමින් සිටියදී තරුණයා විසින් සිය ජංගම දුරකතනයෙන් සියල්ල පටිගත කර පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දී ඇත.
 
 මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය විමර්ශන සිදු කර එක් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර අනෙක් කොස්තාපල්වරුන් දෙදෙනා නිවාඩු ලබාගෙන ගොස් ඇතත් තවම සේවයට වාර්තා කර නැතැයි ‘උසස් නිලධාරියෙක්’ පැවසීය. ඔවුන් දෙදෙනා ද අත්අඩංගුවට ගත යුතු යැයි ඔහු කීය.
 
 ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කරයි.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles