Divaina - මාස 6 දරුවාත් වඩාගෙන ඇවිත්අඹුසැමි යුවළක් හික්කඩුව නගරයේ වෙළෙඳසලක් බිඳලා

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

අහංගම සුගතපාල දීයගහගේ
 
 මාස හයක් වයස කුඩා දරුවාද වඩාගෙන පැමිණි අඹුසැමි යුවළක් රාත‍්‍රි කාලයේ හික්කඩුව නගරයේ වෙළෙඳසලක් බිඳ මුදල් රුපියල් 49130ක මුදලක් සොරකම් කරගෙන ගොස් ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි.
 
 අඹුසැමි යුවළ නගරයේ වෙළෙඳසලක් අසළට පැමිණ යාබද වෙළෙඳසලේ තිබූ උදැල්ලක් ගෙන වහලේ සෙවිලි තහඩුවක් කඩා සැමියා වෙළෙඳසලට ඇතුලූ‍වී ඇති අතර බිරිඳ සහ ළමයා එළියේ සිට ඇත. සැමියා වහලෙන් ඇතුලූ‍වී වෙළෙඳසලේ තිබූ මුදල් රුපියල් 49130ක මුදලක් සහ චීස් පෙට්ටි දෙකක්ද සොරකම් කරගෙන ගොස් ඇත.
 
 වෙළෙඳසලේ ආරක්ෂිත කැමරාව ළමයාගේ නැප්කිනයකින් ඇද කඩා දමා තිබිණ. එහෙත් සියලූ‍ම දර්ශන කැමරාවේ පටිගතවී තිබූ අතර ඒ අනුව හඳුනාගත් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගියත් සැකකරු සහ බිරිඳ ළමයාද රැුගෙන ප‍්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.
 
 හික්කඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එල්.කීර්තිසිංහ මහතා ඇතුලූ‍ කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles