Divaina - මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් සියයට අනූවක් විසඳා තිබෙනවා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

සුජීව තත්සර
 
ranjasss එක්සත් ජාතික පක්ෂයට මේ වනවිට ඇති ලොකුම චෝදනාව වන මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් සියයට අනූවක් විසඳා අවසන් බව රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පැවසීය.
 
 ඊයේ (07 දා* ගම්පහ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
 
 බැඳුම්කර වංචාවෙන් වූ පාඩුව බිලියන 11ක් බවත් ඉන් බිලියන 12 ක් හොයා ගෙන ඇති බවත් ඊට සම්බන්ධ ආයතන 26ක් පිළිබදව පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගෙන තහනම් කර අවසන්ව ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
 
 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මෙසේ ද කීවේය.
 
 අපේ පක්ෂයේත් වැරදි තියනවා. නමුත් ඒවා සුළු වැරදි.
 
 අපේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා දවසේ පැය 24 න් පැය 20 ක් ජනතාවට සේවය කරනවා. එතුමා තම කාර්යයන් කිරීම සඳහා අලූයම අවදි වන පුද්ගයෙක්. සජිත් මහත්තයා උදේ පාන්දර 4ට නැඟිටිනවා. ඊට පස්සේ අපිට කෝල් කරනවා. අපිට එ්ක නම් පුදුම කරදරයක්. මම කිව්වා ඔබතුමා ජනාධිපති වුණොත් මෙහෙම කෝල් දෙන්න එපා මම ජීවිතේට කථා කරන්නේ නෑ කියලා. මොකද එහෙම කළාම එතුමා ඇණයක් වෙනවා.
 
 සජිත් පේ‍්‍රමදාස මහතා කි‍්‍රකට් ගහනවා. ගීත ගයමින් ගිටාර් ගහනවා. එ්දණ්ඩයකින් ගමන් කරනවා. ඉඳහිට ශී‍්‍ර මුඛයක් ගැන කියනවා. නමුත් මේවායින් කාටවත් ප‍්‍රශ්නයක් ඇති වෙන්නේ නෑනේ. එතුමා ජනතාවට රැුකියා දෙනවා. චෛත්‍ය හදනවා. ගෙවල් හදනවා. දහම් පාසල් හදනවා. එ්ත් ඇයි ඒ වගේ හොඳ වැඩ ගැන කවුරුත් කතා නැත්තේ.

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles