Divaina - ගුරුකන්ද විහාරයේ අර්බූදය තවමත්.... උතුරේ ඉඩම් දමිළයන්ට පමණයි.... ශිවාජිලිංගම් නාඩගම.....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

මුලතිව් නායාරූ ගුරුකන්ද විහාරස්ථානයේ අර්බූදය තවමත් පහව ගොස් නොමැත.

 
guru135 මේ විහාරස්ථානයේ අභිනව විහාරාධිපති ධුරයට පත් වූ මිහිඳුපුර රතනදේවකිත්ති හිමියෝ එම විහාරස්ථානයට වැඩම කිරීම සම්බන්ධයෙන් මුලතිව් දෙමළ දේශපාලනඥයෝ නොසතුට පළකොට තිබේ.
 
 ඔවුන් කියා සිටින්නේ උතුරේ විවිධ ස්ථානවල බලහත්කාරයෙන් බෞද්ධාගමික සිද්ධස්ථාන ගොඩනඟන බවයි. මේ අසාධාරණයට එරෙහිව කටයුතු කිරීමට සංවිධානයක් පිහිටුවාගෙන ඇති අතර ඒ සංවිධානය මඟින් යාපනය නගරයේ විරෝධතාවක් ද පවත්වන ලදී.
 
 උතුරේ දෙමළ දේශපාලනඥයන් හා ස්වෙච්ඡුා සංවිධාන ගණනාවක් විසින් එකතු වී උතුරේ බෞද්ධ ආගමික සිද්ධස්ථාන පිහිටුවීමට එරෙහිව ”උතුරේ බලහත්කාරයෙන් බෞද්ධ ආගමික ස්ථාන පිහිටුවීමට එරෙහි සංවිධානය” නමින් සංවිධානයක් පිහිටුවාගෙන ඇති අතර මේ උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණේ එම සංවිධානය මඟිනි.
 
 මේ උද්ඝෝෂණය ”ආගමික අයිතිවාසිකම් හා අධිකරණ නියෝගවලට පටහැනි අභියෝගවලට විරුද්ධ පොදු අරගලය” ලෙසින් නම් කොට තිබුණි.
 
 දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා කියා සිටියේ ගුරුකන්ද නායක හාමුදුරුවන්ගේ ආදාහනය එම විහාරස්ථානයේ පැවැත්වීම සම්බන්ධයෙන් මෙන්ම ඒ ස්ථානය බෞද්ධ ආගමට අයත් ස්ථානයක් වශයෙන් ප‍්‍රකාශ කිරීම පිළිබඳව තම සංවිධානයේ විරෝධය පළ කරන බවයි.
 
 උතුරු පළාතේ හින්දු ජනතාවට අයත් ආගමික ස්ථාන බෞද්ධ ආගමික ස්ථාන වශයෙන් හඳුන්වා යුද හමුදාවේ සහාය ලබාගෙන ඒවා වැඩිදියුණු කිරීමත් උතුරේ දෙමළ ජනතාවට අයත් පෞද්ගලික ඉඩම්වල බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමත් පසුගිය කාලය පුරාම සිදු වූ බව මන්ත‍්‍රීවරයා සඳහන් කරයි.
 
 මුලතිව් දිස්ත‍්‍රික්කයේ නායාරූ ගුරුකන්ද විහාරස්ථානයත් කෝකිලායි සම්බුද්ධ විහාරයත් මේ සඳහා හොඳම උදාහරණ බව පෙන්වා දුන් මන්ත‍්‍රීවරයා කියා සිටියේ මේ අසාධාරණ ක‍්‍රියාවන් සඳහා කටයුතු කිරීමට ”උතුරේ බලහත්කාරයෙන් බෞද්ධ ආගමික ස්ථාන පිහිටුවීමට එරෙහි සංවිධානය” පිහිටුවා ගත් බවයි.
 
 ගුරුකන්ද පන්සලේ හාමුදුරුවන්ගේ ආදාහනය විහාරස්ථාන භූමියේ සිදු නොකරන ලෙස මුලතිව් අධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබියදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අවශ්‍යතාවට තවත් පිරිසක් ඊට අනුබල දී අධිකරණ නියෝගය කඩ කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මේ විරෝධතාව පැවැත් වූ බව ද සෙල්වම් අඩෙක්ලනාදන් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
 ශිවාජිලිංගම් නාඩගම
 
 දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා ද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටියි.
 
 මේ සිදුවීම ඉතා මතභේදයට තුඩු දෙන හේතුවකි. දෙමළ ජාතික සන්ධානයේ අභ්‍යන්තරයේ ඇති සීතල බෙදීම ඉතා මැනවින් කැපී පෙනෙන අවස්ථාවක් හැටියට මේ අවස්ථාව එක් පැත්තකින් සැලකිය හැකිය.
 
 දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් එම්. කේ. ශිවාජිලිංගම් මහතා කටයුතු කරයි. ඒ ටෙලෝ සංවිධානයයි. එම පක්ෂයේ සභාපතීත්වය දරන්නේ ද ඔහුය. එදා සිටම ඔහු දෙමළ ජාතික සන්ධානයට කියා සිටියේ කිසිම රජයක් දෙමළ ජනතාවට අවශ්‍ය දේ ලබා නොදෙන බවයි.
 
 මේ නිසා ඕනෑම රජයක් සමඟ යම් සාකච්ඡුාවක් කළ ද රජය ලබා දීමට සූදානම් වන දේ පිළිබඳව ලිඛිතවම පොරොන්දුවක් ලබාගත යුතු බව ඔහුගේ අදහස විය. කොටින්ම ඔහු පැවසුවේ දෙන්නම් කාසිවලට වැඩ කිරීමේදී දෙමළ ජාතික සන්ධානයත් දෙමළ ජනතාවත් විශාල රැුවටීමකට පත් වන බවයි.
 
 කෙසේ හෝ ඔහු මේ අවස්ථාවේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසා උතුරේ දෙමළ ජනතාවගේ ඡුන්දවල බෙදීමක් සිදුවෙයි. එය දෙමළ ජාතික සන්ධානය සමඟ එක්වන හෝ දෙමළ ජාතික සන්ධානයේ උදව් බලාපොරොත්තු වන අපේක්ෂකයාට ද විශාල පාඩුවකි.
 
 එම්. කේ. ශිවාජිලිංගම්ගේ දේශපාලන චරිතය මහත් ආන්දෝලනයට ලක්වන චරිතයකි. වරක් මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කිරීමට කටයුතු කළ අවස්ථාවේදී ශිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා ද කුරුණෑගල දිස්ත‍්‍රික්කය සඳහා නාම යෝජනා බාර දුන්නේය.
 
 දේශපාලනයත් සමඟ ඔහු ජනතාවගේ ප‍්‍රශ්නවලට මැදිහත්වීම නිසා ශිවාජිලිංගම් මන්ත‍්‍රීවරයාට අධිකරණවල නඩු ද හිර ගෙවල්වල ලැගීම් ද කෙළවරක් නොවීය.
 
 ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා යාපනයට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා ඉදිරියටම ගොස් ඔහු ජනතාව වෙනුවෙන් කෑ ගැසීය. අවසානයේදී ජනාධිපතිවරයාට තරවටු කරන මට්ටමට ඒ විරෝධතාව දැඩි විය.
 
 මොනව වුණත්, අවසානේ සජිත්ට තමයි
 
 දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ රැස්වීමකින් මෙතෙක් තීරණයක් ගනු නොලැබුවත් ජනාධිපතිවරණයේදී පක්ෂයේ සහාය ලැබෙන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාට බව සරවනබවන් මන්ත‍්‍රීවරයා කියා සිටියි.
 
 සරවනබවන් මන්ත‍්‍රීවරයා කියා සිටින්නේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියලූම අපේක්ෂකයන් හමුවීමත් ඔවුන් විසින් උතුරු නැගෙනහිර අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරනු ලබන විසඳුම් කෙරෙහි අවධානය යොමු කිරීමත් යන සියලූම කරුණු දෙමළ ජාතික සන්ධානය විසින් අනිවාර්යෙන්ම ඉටුකරන බවයි.
 
 වර්තමානයේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් දෙස බලන විට සජිත් පේ‍්‍රමදාස මහතාට වඩා දෙමළ ජාතික සන්ධානයට සහාය දිය හැකි වෙනත් අපේක්ෂකයකු නොමැති නිසා අනිවාර්යෙන්ම තම පක්ෂයට සහාය දිය යුතු වන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාට බව සරවනබවන් මන්ත‍්‍රීවරයා මෙහිදී පැවසීය.
 
 ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට වඩා උතුරු නැගෙනහිර ජනතාවගේ ඡුන්දය වැදගත් වන අතර පක්ෂය ජනතාවට ඡුන්දය ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලීමක් කළ යුත්තේ ඔවුන්ට කරුණු අවබෝධ කොට දීමෙන් පසුව බව පවසන සරවනබවන් මන්ත‍්‍රීවරයා එසේ කිරීමේදී ජනතාවට හඳුන්වාදීමට සිදුවන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා බව ද කියා සිටියේය.
 
 මේ සියලූම අපේක්ෂකයන් සිංහල බෞද්ධ ස්වරූපයෙන් කටයුතු කරන අය වුවත් අපේක්ෂකයා ඉදිරිපත් වන පක්ෂයේ පොදු ප‍්‍රතිපත්ති දෙස බලන විට දෙමළ ජාතික සන්ධානයට සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂය මුල් වී සිටින අපේක්ෂකයා තෝරා ගැනීමට නිසා එහිදී සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දැක්වීමට සිදුවන බව ද පැවසීය.
 
 යුද්ධයට සම්බන්ධ හා යුද අපරාධවලට සම්බන්ධ පිරිසකට සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් කැමති නැති බව කී සරවනබවන් මන්ත‍්‍රීවරයා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවද ඒ මතයේම සිටින නිසා මේ සියලූම සාකච්ඡුා හා තීන්දු තීරණවල අවසානයේදී සජිත් පේ‍්‍රමදාස මහතා තෝරා ගැනීමට දෙමළ ජාතික සන්ධානයට සිදුවන බව ද සරවනබවන් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
 උතුරේ ඉඩම් දමිළයන්ට පමණයි
 
 මහවැලි ව්‍යාපාරයේ ‘එල්’ කලාපය හරහා මුලතිව් පළාතේ වැසියන්ට ඉඩම් ලබාදීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ගෙන ඇති තීරණයට දෙමළ ජාතික සන්ධානයේ විරෝධය පළ වී තිබේ.
 
 දෙමළ ජාතික සන්ධානය කියා සිටින්නේ ආණ්ඩුකාරවරයා ගනු ලබන මේ තීරණය නිසා සිංහල ජනතාව බලහත්කාරයෙන් මුලතිව් දිස්ත‍්‍රික්කයේ පදිංචි කොට සිංහල ජනාවාස ඇති කිරීමට රජය පියවර ගන්නා බවයි.
 
 මුලතිව් පළාතේ ඉඩම් හිමිවිය යුත්තේ දෙමළ ජනතාවට පමණක් බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානය මහවැලි අධිකාරියත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් රජයේ වුවමනාව මත මුලතිව් පළාත් සිංහල ජනාවාස කොට සිංහල ඡුන්ද ප‍්‍රතිශතය වැඩි කරගැනීමට ගෙන යන උත්සාහයට ආණ්ඩුකාරවරයා ද සහයෝගය ලබාදී ඇති බවට චෝදනා කොට සිටියි.
 
 දෙමළ ජනයාට අයත් හා දෙමළ ජනයා තුළින් පාලනය විය යුතු උතුරු පළාත් තුළට සිංහල ජනතාව රැුගෙන විත් පදිංචි කරවීමටත් දෙමළ දේශපාලනය අභිබවා සිංහල දේශපාලනය වඩා ශක්තිමත් කිරීමට රජය රහසිගත වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බවට සාධක ඇතැයි උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් මහතා ද චෝදනා කරයි.
 
 විග්නේශ්වරන් මහතා පවසන්නේ සිංහල ජනතාවට මෙහි පදිංචි විය හැකි නමුත් උතුරු නැගෙනහිර ඉඩම්වල අයිතියක් ඔවුන්ට නොමැති බවයි.
 
 තත්ත්වය එසේ තිබියදි මහවැලි ව්‍යාපාරය මේ සිංහල වැසියන්ට මුලතිව් පළාතෙන් ඉඩම් ලබාදී නිවාස ඉදිකොට දී ඔවුන්ව ස්ථිර ලෙස එම ප‍්‍රදේශයේ පදිංචි කරවීම දැඩි අසාධාරණයක් බවයි.
 
 උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා මුලතිව් පළාතට ගොස් කරන ලද සාකච්ඡුාවකින් පසුව මහවැලියට අයත් ඉඩම් වලින් ජනතාවට ලබා දිය හැකි ඉඩම් ඉතා කඩිනමින් ලබා දීමට තීරණය කරනු ලැබීය.
 
 පසුව ආණ්ඩුකාරවරයා නිලධාරීන් කීප දෙනකු හා තවත් නියෝජිතයන් කීප දෙනකු සමඟ මුලතිව් පළාතේ හිස්ව ඇති මහවැලි ඉඩම් නිරීක්ෂණය කරනු ලැබීය.
 
 ඒ සංචාරයට දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය වන ශාන්ති
 
 ශ‍්‍රී ස්කන්ධරාජා මහත්මිය ද සහභාගි වී සිටි අතර මන්ත‍්‍රීවරිය ඒ අවස්ථාවේදී කිසිවක් ප‍්‍රකාශ කොට නොමැත.
 
 යුද සමයට පෙර මුලතිව් දිස්ත‍්‍රික්කයේ මහවැලියට අයත් ඉඩම්වල සිංහල වැසියන් විශාල ප‍්‍රමාණයක් පදිංචිව සිට ඇති අතර 1984 වසරේදී මුලතිව් පළාතේ පිහිටි ඩොලර් ෆාම් හා කෙන්ට් ෆාම්වලට ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ල වීමත් සමඟම ඒ වැසියෝ වෙනත් පළාත්වලට ගොස් තිබේ.
 
 මුලතිව් පළාතේ මහවැලියට අයත් ඉඩම් ලබාදීමේදී මුලතිව් පළාතේ කලින් පදිංචිව සිටි පිරිසට ද ඉඩම් ලබාදීමට ගෙන ඇති තීරණය නිසා සිංහල වැසියන් විශාල පිරිසකට ද ඉඩම් ලැබෙන නිසා දෙමළ ජාතික සන්ධානය එම තීරණයට විරුද්ධ වී සිටියි.
 
 මීට අමතරව යාපනයේ පලාලි ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම සඳහා අලූතින් ලබාගෙන ඇති ඉඩම් කීපයක් පෞද්ගලික ඉඩම් බව කියමින් දෙමළ ජාතික සන්ධානය ඊට විරෝධය පළ කොට තිබේ.

දිනසේන රතුගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles