Divaina - නයිනමඩමේ සූදු පොළේ සිද්ධියට 18 කගෙන් ප‍්‍රකාශ ගනී - බූරු ගැසූ බව දන්නේ නැතැයි හෝටලයේ හිමිකරු පවසයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

වෙන්නප්පුව නයිනමඩමේ සංචාරකයන් නවාතැන් ගන්නා සුඛෝපභෝගි හෝටලයක පැවති මහා පරිමාණ බූරුපොළේ සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් නව දෙනාගෙන් සහ වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරීන් අට දෙනාගෙන් මෙන්ම අත්අඩංගුවට නොගත් බූරු ගසා පලා ගිය පිරිසේ එක් අයකුගෙන්ද, දැනට ප‍්‍රකාශ ලබා ගත් බව නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

පොලිස් ආරංචි මාර්ග අනුව වැටලීම සිදුකළ හලාවත ¥ෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අතහැර දැමීමෙන් පසු පලා ගිය බූරු ගැසූ සංඛ්‍යාව පහළොවක් පමණ වුවත් ඉකුත් 20 දා වන විට ප‍්‍රකාශයක් ලබා ගත හැකිව ඇත්තේ ඉන් එක් අයෙකුගෙන් පමණි.

දැනට වැඩ තහනමට ලක්ව සිටින උපපොලිස් පරීක්ෂකවරයා, සැරයන්වරයා, කොස්තාපල්වරුවන් 5 දෙනා සහ කොස්තාපල් රියැදුරු ඇතුළු 8 දෙනාගෙන්ද අත් අඩංගුවට ගත් සූදුකරුවන් 9 දෙනාගෙන් පස්දෙනකුගෙන්ද ප‍්‍රකාශ ලබා ගෙන තිබිණි.

වැටලීම සිදුකළ ඉකුත් 6 දා රාත‍්‍රී වෙන්නප්පුව පොලිසියේ ස්ථාන භාරව සිටි පොලිස් පරීක්ෂක ප‍්‍රසාද් ලියනගේ මහතාගෙන් මෙන්ම වැටලීමට පොලිසිය රැුගෙන ගිය වෑන් රථ රියැදුරා හා හෝටලයේ සේවකයන්ගෙන්ද ප‍්‍රකාශ ලබාගෙන ඇත.

හෝටලයේ හිමිකරු පවසා ඇත්තේ තමා රූපවාහිනිය නරඹමින් සිටි බවත්, එදින බූරු ගැසූ බවක් තමා නොදන්නා බවත්ය. ඇතැම් දිනවල හෝටලයට පැමිණෙන පිරිස් සූදු ක‍්‍රීඩාවේ යෙදෙන බවද රුපියල් ලක්ෂ 40 ක 50 ක පමණ මුදලක් සංසරණය වන බවද ඔහු පවසා ඇත.

එදින වැටලීම කළ පොලිස් කණ්ඩායම රුපියල් 150,000 ක පමණ මුදලක් සමඟ බූරු ගැසූ පුද්ගලයන් නව දෙනකු වෙන්නප්පුව පොලිසියට භාර දී තිබූ අතර, ඔවුන් පසුවදා බී වාර්තාවක් මගින් මාරවිල අධිකරණයට ඉදිරිපත් කර, ඇප මත මුදා හැර තිබිණි.

තොරතුරු ලැබී ඇති අන්දමට රුපියල් අසූදාහත් කෝටියත් අතර මුදලක් මෙම සූ¥ පොළේ තිබී ඇති බවත්, විශාල මුදලක් වැටලීම සිදු කළ පොලිස් නිලධාරීන් බෙදා ගත් බවටත්, නීතියට පටහැනිව බූරු ගැසූ පහළොස් දෙනකු මුදා හල බවටත් ලද තොරතුරක් මත මෙම පරීක්ෂණ පැවැත්වේ.

මෙම හෝටලයට සතියට වරක් හෝ දෙවරක් අති සුඛෝපභෝගී වාහනවලින් පැමිණෙන ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් ඇතුළු ධනවතුන් බූරු ගැසීමට පුරුදුව සිටින බවද, ලක්ෂ පහක මුදලක් පෙන්වා ඊට සම්බන්ධ විය යුතු බවද මොවුන් සූදු කෙළින්නේ දිනා ගැනීමටම නොව විනෝදයට බවටද තොරතුරු අනාවරණය වී ඇත. පරාජය වන්නන්ට 10% ක මාසික පොලියක් මත මුදල් ණයට දීමටද ව්‍යාපාරිකයන් හා පොලියට මුදල් දෙන්නන් මෙහි පැමිණ සිටින බවද පැවසේ.

නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරි සුජීව විමලසේන මහතාගෙන් විමසූ විට මේ දිනවල ප‍්‍රකාශ ලබා ගනිමින් විමර්ශන කටයුතු සිදු කරන බවද, ඊට හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. ධර්මසිරි මහතා සහ තම කාර්ය මණ්ඩලය කටයුතු කරන බවද පැවසීය.

වැටලීම සිදු කළ පොලිස් නිලධාරීන් වරදක් කර ඇති බව තහවුරු වුවහොත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය පිළිබඳව වයඹ හා උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ නියෝගය මත පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා කටයුතු මෙහෙයවන අතර, හලාවත පොලිස් අධිකාරී සුරංජිත් කුමාරපේලි මහතා පරීක්ෂණ මෙහෙයවයි.

නාත්තන්ඩිය - රෙක්ස් හැරිසන්

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles