Divaina - සිව්දරු පියා බෙල්ලේ ගලක් ගැට ගසා ගෙන වේ ගඟට පැන දිවි නසා ගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

බෙල්ලේ ගලක් ගැටගසාගෙන වේ ගෙඟ් කොස්ගහ වළට පැන දිවි නසාගත් සිව්දරු පියකු පිළිබඳ පුවතක් කහවත්ත මූලික රෝහලේ (20 දා* පැවැති මරණ පරීක්‍ෂණයකදී අනාවරණය විය.

මෙසේ මියගොස් ඇත්තේ වැලිපත වියන්නලාගේ විජේරත්න (65* නමැති අයෙකි. මේ පිළිබඳව පැවැති මරණ පරීක්‍ෂණයේදී සාක්ෂි දුන් මියගිය තැනැත්තාගේ පුතෙකුවූ ඩබ්ලිව්. ඩබ්ලිව්. ගාමිණී මාකඳුර නමැත්තා මෙසේ පැවැසුවේය.

.‘‘සිද්ධිය වූ දින (19 දා) රාත‍්‍රි මම රූපවාහිනය බලමින් සිටියා. මගේ පියාද මාස හයක් පමණ අපේ ගෙදර සිටියා. ඔහු දියවැඩියාව ඇතුළු රෝග කිහිපයකට බෙහෙත් ගනිමින් සිටියා. ටික වේලාවකින් මගේ බිරිඳ කිව්වා තාත්තා නිවසින් එළියට බැස්සා. දැන් ටික වේලාවක් වෙනවා වැසිකිළියෙත් නැහැ කියා. පසුව අවට විපරම් කර බැලූවා. පේන්න හිටියේ නැහැ. වත්ත පහළත් බැලූවා. පසුව අසල්වාසීන්ටද මෙය පවසා පිරිසක් සමග රාත‍්‍රී 1.00 පමණ වනතුරු හෙව්වා. නමුත් සොයාගන්න බැරි වුණා. තාත්තා විසින් කොස්ගහවළට යන වැකිය ලියූ කොළ කැබැල්ලක් පසුදින නිවසේ තිබී හමුවුණා. ඒ අනුව වේ ගෙඟ් කොස්ගහවළ පරීක්‍ෂා කර බැලූවිටදී එම වළේ තිබී තාත්තාගේ මළ සිරුර ගොඩගත්තා. එවිට අපට දැකගන්නට ලැබුණා. පෝර උරයක කිලෝ දහයක් පමණ ගලක් බහා එය ලණුවකින් තාත්තාගේ ගෙළේ ගැට ගසාගෙන වළට පැන තිබූ බව. තාත්තාගේ අසනීප නිසා නිතර නිතර මෙහෙම ජීවත් වෙලා වැඩක් නැහැ කියා කියමින් හිටියාට ඔහු මෙසේ දිවිනසා ගන්න ඇතැයි හිතෙනවා.

මියගිය අයගේ බිරිඳ වූ එම්. එම්. පොඩිනෝනා නමැත්තියද සාක්ෂි දුන්නාය. කහවත්ත මූලික රෝහලේ අධිකරණ වෛi නිලධාරී වෛi එච්. ඞී. එම්. එස්. කේ. දිසානායක මහතා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලදී. සාක්ෂි මෙහෙයවීම පො. සැ. (30037* වික‍්‍රමපාල, මහතා සිදු කළේය.

මෙය දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් බවට ඕපනායක හදිසි මරණ පරීක්‍ෂක කේ. එල්. පියදාස මහතා තීන්දු කළේය.

බළන්ගොඩ - එන්. එච්. පියසේන, ඕපනායක ජයලත් එම්.විමලසේන
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles