Divaina - දියකාවා පැරෂුට් පිම්ම වැරදී ජීවිතයෙන් සමුගත් කෝප‍්‍රල් පි‍්‍රයන්ත අද අවසන් ගමන් යයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

p1 3දියකාවා පුහුණු අභ්‍යාසයකදී හදිසි අනතුරකින් මරුමුවට පත් කෝප‍්‍රල් කේ. එම්. පි‍්‍රයන්ත සාලිය කුමාර මහතාගේ නිසල දේහය පෙරේදා (21දා* පස්වරුවේ හමුදාව විසින් ඥාතීන්ට භාරදීම සිදුවිය.

මියගිය රණවිරුවාගේ දේහය රත්නපුර පැල්වාඩිය ගල්ඉන්න ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවස වෙත රැුගෙන එද්දී විශාල පිරිසක් එහි රැුස්ව සිටියහ.

මියගිය කෝප‍්‍රල්වරයා තම දරු පවුල තමන්ගේම නිවසක් තුළ ජීවත් වීමේ අපේක්‍ෂාවෙන් ගත කළේය. ඒ සඳහා මූලික කටයුතුද සැලසුම් කර තිබුණි. දියකාවා අභ්‍යාසයෙන් පසු සති අන්තයේ නිවසට පැමිණ තම නිවස සඳහා වැඩ ආරම්භ කිරීමට සුභ හෝරාවක් සකස් කර ගැනීමට යාමට තීරණය කොට සිටියේය.

ගාල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන පි‍්‍රයන්ත කුමාර විවාහයෙන් පසු බිරිඳගේ මහගෙදර පදිංචිව සිටියේය. ඔහුගේ බිරිඳ රත්නපුර ප‍්‍රධාන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනියකි. පි‍්‍රයන්ත 35 වියේ පසුවන අතර හෙතෙම කි‍්‍රයාන්විතයේදී දෙවරක් ත‍්‍රස්ත ප‍්‍රහාර වලට ගොදුරුවී තිබේ. එහිදී වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබුවද ජීවිතය ආරක්‍ෂා විය.

හමුදා සේවයේ දහතුන් වසරක් සේවය කළ මොහු පසුගියදා දියකාවා අභ්‍යාසයේ යෙදී සිටියදී පැරිෂුට් මගින් පැනීමේදී සිදුවූ අනතුරකින් අවසන් ගමන් ගියේය. එහිදී අනතුරට පත් තවත් හතර දෙනෙක් සිය ජීවිතය බේරාගැනීමට සමත් වූහ.

වයස අවුරුදු 5 ක හා 3 ක දියණියන් දෙදෙනකුගේ ආදරණීය පියාණන් වූ කෝප‍්‍රල් ප‍්‍රියන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රත්නපුර - පැල්වාඩිය ගල්ඉන්න පිහිටි පවුලේ සුසාන භූමියේදී හමුදා ගෞරවාචාර මැද අද (23දා* සිදු කෙරේ.

නිවිතිගල - ධර්මසිරි ජයවර්ධන,  රත්නපුර - අසිත ඉන්දික වීරවර්ධන
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles