Divaina - සතුන් යොදා පරීක්‍ෂා කළ යුතු කැස්ස පැණිය රෝගීන් යොදා ගෙන පරීක්‍ෂා කරලා - කෝප් පරීක්‍ෂණයේදී හෙළි වෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

වෙළෙඳ පොළට නිකුත් කිරීමට පෙර සතුන් යොදා පරීක්ෂාවට ලක්කළ යුතු පැණියක් ආයුර්වේද ශික්ෂණ රෝහලට පැමිණි රෝගීන් පිරිසක් යොදා ගනිමින් සිදුකර ඇති පුවතක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණය විය.

පෞද්ගලික සමාගමක් විසින් ආනයනය කරන ලද ‘කැස්ස පැණියක්’ වෙනුවෙන් මෙලෙස සතුන් වෙනුවට ශික්ෂණ රෝහලට පැමිණි රෝගීන් පිරිසක් යොදා ගනිමින් පරීක්ෂාවට ලක්කර ඇති අතර මෙම සිදුවීම 2016 වසරේදී සිදුවී ඇති බව මෙහිදී අනාවරණය විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යාංශය විසින් වහාම කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා නියෝග කළේය.

අදාළ පෞද්ගලික සමාගම විසින් ආනයනය කරන ලද කැස්ස පැණිය වෙළෙඳ පොළට නිකුත් කිරීමට පෙර දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අනුමැතිය ලබාගත යුතු අතර ආචාර ධර්ම කමිටුව විසින් පරීක්ෂාවට ලක්කිරීමක් සිදුකළ යුතු වේ.

එහෙත් ඖෂධ පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකළ යුතු ආචාර ධර්ම කමිටුව නියෝජනය කරන දේශීය වෛද්‍ය මහාචාර්යවරයකු අදාළ පෞද්ගලික සමාගමේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන බවද මෙහිදී අනාවරණය විය.

අදාළ පෞද්ගලික සමාගම විසින් සතුන් යොදාගෙන පරීක්ෂා කිරීම වෙනුවට රෝගීන් යොදා ගනිමින් පරීක්ෂාවට ලක්කරන ලද ‘ කැස්ස පැණිය’ වෙළෙඳ පොළට නිකුත් කර ඇති අතර ඊට අදාළ වෙළෙඳ දැන්වීම් වෙනුවෙන් දේශීය වෛද්‍ය විද්‍යායතනය විසින් සායනිකව තහවුරු කර ඇති බව සඳහන් කරමින් වෙළෙ`ද දැන්වීම්ද ප‍්‍රචාරය කළ බව මෙහිදී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් විමසීමේදී දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරිය සඳහන් කළේ 2016 වසරේදී මෙවැනි සිදුවීමක් සිදුව ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනය කිරීම සඳහා කමිටුවක් ද පත්කළ බව අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

අදාළ කමිටුව විසින් පරීක්ෂණ සිදුකරන අතරතුර අමාත්‍යාංශය විසින්ද විමර්ශනයක් සිදුකළ යුතු බවට සුනිල් හඳුන්නෙත්ති මහතා නියෝග කළේය.

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ දේශීය වෛද්‍ය විද්‍යායතනය නේවාසිකාගාර ගැටලූවක් හේතුවෙන් මේ දිනවල වසාදමා තිබුණද නේවාසිකාගාර පහසුකම් ලබාගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් වෙන් කළ රුපියල් මිලියන 101 ක් නැවත හරවා යවා ඇති බවත් මෙහිදී අනාවරණය විය. දේශීය වෛද්‍ය විද්‍යායතනය ලෙස මෙම මුදල් යොදා ගනිමින් නේවාසිකාගාර ගැටලූව විසඳීමට කඩිනමින් කටයුතු සිදුනොකිරීම හේතුවෙන් මෙම මුදල් යොදවා ගැනීමට නොහැකි වී ඇත.

එබැවින් අදාළ නේවාසිකාගාර ගැටලූව විසඳා ගැනීම වෙනුවෙන් කඩිනමින් මැදිහත් වන ලෙසද සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභාවේ සාමාජිකයකු වන කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ විශාල වියදමක් දරමින් එක් එක් ස්ථානවල කුලී නිවාස නේවාසිකාගාර සඳහා භාවිත කිරීම වෙනුවට දේශීය වෛද්‍ය විද්‍යායතනය වෙනුවෙන්ම ස්ථිර නේවාසිකාගාරයක් ඇතිකිරීම සඳහා රාජගිරිය අවට ප‍්‍රදේශයෙන් රජයේ ඉඩමක් සොයා ගැනීමට කටයුතු කරන ලෙසයි.

එමෙන්ම අනෙකුත් විශ්වවිද්‍යාල හා සසඳන විට දේශීය වෛද්‍ය විද්‍යායතනයට ඇතුළු වන සිසුන්ගෙන් අධ්‍යයන කාල වකවානුව තුළ විශ්වවිද්‍යාලය හැර යන පිරිසේ වර්ධනයක් දක්නට ලැබෙන බවත් මේ තත්ත්වය පිළිබඳ වහාම පසුවිපරමක් සිදුකරන ලෙසත් සුනිල් හඳුන්නෙත්ති මහතා නියෝග කළේය.

අකිත පෙරේරා

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles