Divaina - තාවකාලිකව ඉදි කෙරුණු තහඩු මඩුවල මාස 10ට වැඩි කාලයක් පීඩා විඳින කම්කරු පවුල් 19ක් තම හිසට ස්ථිර සෙවණක් අයදියි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

නිවාස සෑදීම රට පුරා දේශපාලන කාරණයක් බවට පත්ව තිබේ. ඒ අතර කඳුකරයේ වතු කම්කරුවන් සඳහා නිවාස ඉදිකිරීම හා ඉඩම් අයිතිය ලබාදීම, කම්කරු දිනයේ දී වතු කම්කරු වෘත්තීය සමිති වේදිකාවල නිබඳ විවාදයට ලක්වන මාතෘකාවකි. එවන් අවදියක ගිනිගත් නිවාස වෙනුවට ක‍්‍රීඩා පිටියක තාවකාලිකව ඉදි කෙරුණු තහඩු මඩුවල මාස 10 ට වැඩි කාලයක් පීඩා විඳින කම්කරු පවුල් 19 ක් තමන්ට ස්ථිර සෙවණක් අයැදිමින් මැසිවිලි නඟති.

හැටන්, දික්ඔය, ෆොඩයිස් තේ වත්තේ කම්කරු නිවාස 24 ක් ගිනිගෙන විනාශ වූයේ 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේය. එදින අළුයම එම නිවාස පේළියේ එක් නිවසක හටගෙන තිබූ ගිනි ගැනීමක් නිසා එම නිවාස 24 ක පවුල් 19 කට අයත් පුද්ගලයන් 108 ක් අවතැන් විය.

ඊට පසු දින සිට ඔවුන් ෆොඩයිස් තේ වත්තේ ක‍්‍රීඩා පිටියේ ඉදිකරන ලද තාවකාලික තහඩු මඩු තුළ පදිංචි කරවූයේ මහජන නියෝජිතයන් හා බලධාරීන්ගේ මැදිහත් වීමෙන්ය. එදින සිට මාස නවයකට වැඩි කාලයක් ගතව තිබුණද මෙතෙක් ඔවුන් වෙනුවෙන් නිවාස ඉදිකිරිමට ස්ථානයක් වත් තීරණය කර නොමැත.

තහඩු මඩු පේළියක එදා සිට දිවි ගෙවන මෙම පිරිස දැඩි අසිරූතාවන්ට පත්ව ඇති බව ඔවුන් පවසති.

මෙම පිරිස අතර පාසල් යන දරුවන් 20 නෙකු පමණ සිටින අතර ළදරු වයසේ පසුවන දරුවන්ද සිටිති. ඔවුන්ට නිසි ආරක්ෂාවක් නොමැත. මෙම තහඩු මඩු ඉදිකර ඇති ප‍්‍රදේශය වර්ෂාව පවතින දින වලදී වැසි ජලයෙන් යටවේ. එකම කාමරයක් තුළ ගැහැණු දරුවන්, කාන්තාවන් හා වැඩිහිටි පිරිමි ඇතුළු සියලූම දෙනා එකට වාසය කිරීම දෛනික කටයුතුවලදී ඉතා අසීරූ තත්ත්වයක් බව ඔවුන් පවසති.

මාස කීපයක් පුරා මෙසේ දැඩි දුක් කරදර මධ්‍යයේ ජීවිකාව ගෙවන බව පවසන මෙම ජනතාව තම නිවාස ගිනිබත් වීමට පෙර සතුටින් ජීවත් වූ බවත්, දැන් ඒ සතුට දුකක් බවට පත්ව ඇති බව ඔවුන් පවසති.

දැඩි ලෙස අසරණව සිටින තමන්ගේ නිවාස ප‍්‍රශ්නයට කඩිනමින් විසඳුමක් ලබාදීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරන ලෙස මෙම ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මස්කෙළිය - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles