Divaina - ගම්පොළ අයාලේ ගිය කාන්තාවන් අත්අඩංගුවට ගන්න ගිහින් මාර යුද්දයක්‌.....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

ගම්පොළ - සුරංග දිල්හාන්


prpsගම්පොළ නගරයේ ගණිකා වෘත්තියේ නියෑළුනු කාන්තාවන් සිවු දෙනකුට ගම්පොළ දිසා විනිසුරු ශ්‍රීනිත් විඡේසේකර මහතා විසින් එක්‌ අයෙකුට රුපියල් 2000 බැගින් රුපියල් 8000 ක දඩයක්‌ නියම කරනු ලැබීය.

ගම්පොළ නගරයේ අයාලේ යන කාන්තාවන් වැඩිවීමත් සමඟ ගම්පොළ කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්‌ ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව ගම්පොළ බස්‌ නැවතුම්පළේ ගැවසෙමින් සිටි මෙම කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට යැමේදී ඔවුන් තුළින් පොලිසිය වෙත දැඩි විරෝධතාවක්‌ එල්ල විය.

තවත් කාන්තාවන් කිහිප දෙනකු දිවීමට උත්සාහ කළ අතර අත්අඩංගුවට ගත් කාන්තාවන් ජීප් රථයට නැගීම ප්‍රතික්‌ෂේපකොට විරෝධතාවක්‌ දැක්‌වීය.

මේ තත්ත්වයත් සමග ගම්පොළ බස්‌ නැවතුම් පොළ එකම කලබැගෑනියක්‌ බවට පත්වූ අතර දැඩි වෙහෙසක්‌ දරා මෙම කාන්තාවන් සිවු දෙනා පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු යොදනු ලැබීය.

දීර්ඝ කාලයක්‌ ගණිකා වෘත්තියේ නියෑළෙන මෙම කාන්තාවන් කිහිප අවස්‌ථාවකම අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

මෙම දඩ නියම වූ කාන්තාවන් ගම්පොළ ඇත්ගාල මීතලාව හා වැලිගඟ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles