Divaina - වීරකුමාර ඉන්නේ ජනපති ගැන තරහකින් වෙනම ඉදිරිපත් කරන්න හදන්නේ ඒකයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 
 අනුරාධ හිරිපිටියගේ
 
 udayasශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග දැඩි වෛරයකින් පසු වන බව පෙනී යන්නේ යෑයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා 'දිවයින'ට ඊයේ (20 වැනිදා) පැවසීය.
 
 පොදු ලකුණකින් ජනාධිපතිවරණයට තරග කිරීමට පොදුජන පෙරමුණ අකැමැති වුවහොත් මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට අපේක්‌ෂා කරන බවට වීරකුමාර දිසානායක මහතා කර ඇති ප්‍රකාශය පිළිබඳව අදහස්‌ දක්‌වමින් ගම්මන්පිල මහතා මේ බව කීවේය.
 
 2015 ජනාධිපතිවරණයේදී ලක්‌ෂ හැට දෙකක ජනවරමක්‌ ගෙන ජයග්‍රාහකයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා මෙවර වෙනම මැතිවරණයට ඉදිරිපත් කිරීමට වීරකුමාර දිසානායක මහතා උත්සාහ කරන්නේ සිරිසේන මහතාගේ ඡන්ද පදනම ලක්‌ෂ දෙක දක්‌වා පමණ අඩු කර මැතිවරණයේ හතරවැනි තැන දක්‌වා පසු බස්‌සා 'කීචොක්‌' කර ගෙදර යෑවීමේ වෛරී අදහසින් යෑයි ද ගම්මන්පිල මහතා කීවේය.
 
 මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට එවැනි ඉරණමක්‌ අත්වෙනවාට තමන් ද දැඩි සේ විරුද්ධ බව ද ගම්මන්පිල මහතා පැවසීය.
 
 පෞද්ගලික න්‍යාය පත්‍ර සහ වෙනත් 'ඩීල්' මත ක්‍රියාත්මක වන ශ්‍රී ල. නි. ප. නායකයන් අතළොස්‌සක්‌ ගෝඨාභය රාජපක්‌ෂ මහතාට සහාය දැක්‌වීමට අකැමැතිමුත් නිදහස්‌ පාක්‌ෂිකයන් සාතිශය බහුතරය ගෝඨාභය රාජපක්‌ෂ මහතාට දිනවීමට පෙළගැසී ඇතැයි ද ගම්මන්පිල මහතා කීවේය.
 
 ගෝඨාභය රාජපක්‌ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාට විරුද්ධ නැත්නම් සහ ඔහුගේ ප්‍රතිපත්තිවලට විරුද්ධ නැත්නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ලාංඡනය ප්‍රශ්නයක්‌ කරගත යුතු නැතැයි ද ගම්මන්පිල මහතා පැවසීය.
 
 ලාංඡනය ගැන මතවාදයක්‌ ඇති කර ගත යුත්තේ මහ මැතිවරණයේදී යෑයි ද ගම්මන්පිල මහතා කීවේය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles