Divaina - තුන් නිවුන් දරුවන් ඇතුළු පස්‌දරු දෙමාපියෝ ඔබේ පිහිට පතති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

newun554
 
 නිවුන් පිරිමි දරු තිදෙනා සහ අධ්‍යාපනය ලබන දියණියන් දෙදෙනා ඇතුළු තම දරුවන් 05 දෙනා රැකබලා ගනිමින් පෝෂණය කිරීම සඳහා ආධාර උපකාර ලබා දෙන ලෙස එම දරුවන්ගේ දෙමාපියෝ ඉල්ලා සිටිති. මිනුවන්ගොඩ, වෑගොව්ව, ලුතිනන් චාමල් මාවත අංක 214 බී. නිවසේ තාවකාලිකව පදිංචිව සිටින එස්‌. පී. පියල් ජයසෙනවි සතරසිංහ (අවු( 40) සහ දිල්හානි චන්ද්‍රිකා හේමන්ති (අවු( 38) යන යුවළට වයස අවුරුදු 08 ක්‌ සහ අවුරුදු 05 ක්‌ වයසැති දියණියන් දෙදෙනෙක්‌ ද අවුරුදු 01 යි. මාස 05 ක්‌ වයසැති පිරිමි නිවුන් දරු තිදෙනෙක්‌ ද සිටිති. මෙම දරුවන් 05 දෙනාගේ පියාට ස්‌ථිර රැකියාවක්‌ නොමැති අතර මව රැකියාවක්‌ නොකරයි. ඥාති නිවසක පදිංචි මොවුන්ට ස්‌ථිරවම ඉන්න හිටින්න තැනක්‌ නැත.
 
 ඉකුත් වසරේ අප්‍රේල් මස 29 වැනිදා රාගම රෝහලේදී උපත ලද පිරිමි නිවුන් දරු තිදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර වෛද්‍ය නිර්දේශය අනුව එක්‌ දිනකට කිරිපැකට්‌ටුවට වැයකළ යුතු මුදල රුපියල් 1200 ක්‌ බව පියා පවසයි. වෛද්‍ය නිර්දේශිත කිරි පැකට්‌ටුව ලබාදීමට තරම් ප්‍රමාණවත් ආදායමක්‌ නොමැති හෙයින් වෙනත් වර්ගයේ කිරි පැකට්‌ටුවක්‌ දිනකට ලබාදෙන බව ද පියා පැවසීය. පියාට ස්‌ථිර ආදායමක්‌ නොමැතිවීම හේතුවෙන් තම වැඩිමහල් දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු මෙන්ම දරු 05 දෙනා පෝෂණය කිරීම ඉතා අපහසු කාර්යයක්‌ වී ඇති හෙයින් ඔවුනට පිහිටවීම මහ`ගු සත්කාරයකි. දරුවන් 05 දෙනකුගෙන් යුත් මෙම පවුල සම්බන්ධයෙන් වැඩිවිස්‌තර ග්‍රාම නිලධාරිනියගේ 0773865400 යන ජංගම දුරකතනයෙන් සහ ආර්ථික සංවර්ධන නිලධාරිනියගේ 0774901207 දුරකථනය අමතා විමසිය හැකිය.
 
 මුදල් ආධාර එස්‌. පී. ඡේ. ඡේ. සතරසිංහ යන 05 දරුපියා නමින් මිනුවන්ගොඩ කොමර්ෂල් බැංකුවේ ආරම්භ කර ඇති 8020013587 අංක දරන ගිණුමට බැරකළ හැක.

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles