Divaina - යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී මනාල යුවළට හා තවත් දෙදෙනකුට තුවාල

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

p19 2විවාහ මංගල උත්සවයට අවශ්‍ය භාණ්ඩ කීපයක් රැගෙන ඒමට ගිය මනාල යුවළක් වවුනියාව, කුරුමන්කාඩු ප‍්‍රදේශයේදී 17 දා රාත‍්‍රි අනතුරකට ලක්වීමෙන් එම යුවළම රෝහල් ගත කොට තිබේ.

සැප්තැම්බර් 18 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ විවාහ මංගල උත්සවය සඳහා අවශ්‍ය භාණ්ඩ කීපයක් රැගෙන ඒම සඳහා කුරුමන්කාඩූ ගම්මානයේ සිට වවුනියාව නගරයට මේ යුවළ පැමිණෙමින් සිටියදී ඔවුන් ගමන් ගත් යතුරුපැදිය තවත් යතුරුපැදියක ගැටීම නිසා මේ අනතුර සිදුව තිබේ.

මෙම අනතුරෙන් මනාල යුවළ සමග අනෙක් යතුරුපැදියේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකුද තුවාල ලබා ඇති අතර ඒ දෙදෙනා මව සහ දියණිය බව වවුනියාව පොලිසිය ප‍්‍රකාශ කරයි.

මනාලයාගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති අතර ඒ හේතුව නිසා විවාහ මංගල උත්සවයද කල් දමා තිබේ.

වවුනියාව පොලිසිය මේ අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles