Divaina - හොරකම වැරැදී අසූපස් හැවිරිදි කතගේ ගෙල කපලා - පැනගිය සැකකරු අල්ලන්න පොලිසිය දැල එලයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

කොටපොල, වරල්ල හේන්යාය ප‍්‍රදේශයේ වයසක කාන්තාවක් තනිවම සිටි නිවසකට කොල්ලකෑම සඳහා 17දා සවස ත‍්‍රීවීලරයකින් පැමිණි පුද්ගලයකු සොරකම් කිරීමේ තැත වැරදීම නිසා එම කාන්තාවගේ ගෙල තියුණු ආයුධයකින් කපා පලා ගොස් ඇති බව කොස්මෝදර පොලිසිය පවසයි.

අසූපස් හැවිරිදි කාන්තාවක් මෙසේ තුවාල ලබා ඇති අතර ඇය මොරවක රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට යවා තිබේ.

මෙම තැනැත්තියගේ පුතා හා ලේලි රස්සාවට ගොස් සිටියදී මොහු සොරකම සඳහා පැමිණ ඇති අතර ඇයගේ කෑගැසීම නිසා සොරකමේ ආ පුද්ගලයා ඇගේ ගෙල කපා පැනගොස් ඇත.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොස්මෝදර පොලිස් ස්ථානාධිපති චන්දන අමරරත්න මහතාගේ උපදෙස් මත පො. සැ. කරුණාරත්න (54330*, පො. කො. රූපසිංහ (19277* යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

ප‍්‍රසාද් විද්‍යාරූප - අකුරැස්ස
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles