Divaina - කොටුවෙන් පොළොන්නරුවට පුලතිසි දුම්රිය යයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

re9 2කොළඹ කොටුව සිට පොළොන්නරුව දක්වා ධාවනය වන පුලතිසි නගරාන්තර ශීඝ‍්‍රගාමි දුම්රිය ඊයේ (11 වැනිදා* සිට මෙරට ප‍්‍රවාහන සේවයට එකතු විය.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ - කොටුව දුම්රිය ස්ථානයේ පැවති උත්සවයකදී පුලතිසි දුම්රිය ඊයේ මංගල ගමන ඇරඹීය.

කොළඹ කොටුව - පොළොන්නරුව අතර විශේෂ දුම්රිය සේවාවක් මෑත දශක කිහිපයේදී කි‍්‍රයාත්මක නොවීය.

පුලතිසි නගරාන්තර දුම්රිය සෑම දිනකම කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන්නේ පස්වරු 03.05 ට වේ. එය පස්වරු 07.47 ට පොළොන්නරුවට ළඟා වෙයි. පොළොන්නරුවෙන් අලූයම 03.45 ට ගමන් ආරම්භ කරන දුම්රිය කොළඹ කොටුවට උදේ 09.08 ට ළඟා වෙයි. දුම්රිය නවත්වනු ලබන්නේ

පොල්ගහවෙල, කුරුණෑගල, මහව, කලාවැව, කැකිරාව, හබරණ, හිඟුරක්ගොඩ යන දුම්රිය ස්ථානවලයි. දුම්රියට යොදා ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වූ එස් - 13 නව බලවේග කට්ටලයකි. වායුසමනය කරන ලද පළමු පන්තියේ මැදිරියකින් ද, දෙවන පන්තියේ මැදිරියකින්ද , තුන්වන පන්තියේ මැදිරි 03 කින් ද එය සමන්විත වෙයි. එහිදී ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසුවේ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය සේවාව ගුණාත්මක තත්ත්වයට ගෙන ඒමේ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙසට මෙම නව දුම්රිය ධාවනයට යෙදවූ බවයි.

දෛනිකව නැගෙනහිර දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට විශාල මගී පිරිසක් අපේක්ෂාවෙන් ඉන්්නවා. විශේෂයෙන්ම පොළොන්නරුවට. නමුත් දශක කිහිපයක් තිස්සේම කොළඹ කොටුව - පොළොන්නරුව නගරාන්තර දුම්රියක් ධාවනය වූයේ නැහැ. මේ නිසා පොළොන්නරුවට යන මගීන්ට මඩකලපුවට හෝ ති‍්‍රකුණාමලය යන දුම්රියවලින් සේවාව ලබා ගැනීමට සිදු වුණා. එය වෙහෙසකර වගේම කාලය ගත වන වැඩක්. උදාහරණයක් විදියට කියනවා නම් කොළඹ - මඩකලපුව දක්වා ගමන් කරන දුම්රියෙන් පොළොන්නරුවට යෑමට පැය හයකට අධික කාලයක් ගත වෙනවා. මේ සියලූ දෙයම සැලකිල්ලට ගෙන තමයි අපි කොළඹ කොටුව - පොළොන්නරුව නගරාන්තර ශීඝ‍්‍රගාමී දුම්රියක් ධාවනයට යෙදවූයේ බව ද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කුෂාන් සුබසිංහ
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles