Divaina - දුන්ගාල්පිටියේදී ලොරියේ හැපී තාත්තා මරුට - දුව රෝහලේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

මීගමුව පමුණුගම ප‍්‍රධාන මාර්ගයේ ධාවනය කළ ලොරියක ගැටීමෙන් යතුරු පැදියකින් ගමන් ගත් 59 හැවිරිදි පියකු මරණයට පත්ව උපකාරක පංතියක් කරා එම යතුරුපැදියේ ගමන් ගත් ඔහුගේ 19 හැවිරිදි දියණිය බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත.

දුන්ගාල්පිටිය ‘ගැමිසෙවන’ හෝටලය අසලදී 10 දා උදේ සිදුවූ රිය අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ දුන්ගාල්පිටිය ග‍්‍රාමයේ පදිංචි 59 හැවිරිදි විදුලි කාර්මිකයකුව සිටි ටී. ඩබ්ලිව්. බර්නාඞ් කිංස්ලි ප‍්‍රනාන්දු මහතාය. එම යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන් ගත් ඩබ්ලිව්. රෝෂිනී ප‍්‍රනාන්දු නමැති සිසුවිය බරපතළ තුවාල ලබා ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් දුන්ගාල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චමින්ද රණසිංහ මහතාගේ උපදෙස් මත එහි රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ජයන්ත පතිරණ මහතා විසින් සිදුකරන ලද මූලික විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව මෙම සිද්ධියෙන් මරණයට පත්වූ පියා තම තුරුණු දියණිය කැඳවාගෙන ජා-ඇල පිහිටි උපකාරක පංතියකට ඇය ඇරලවීම සඳහා තම යතුරු පැදියෙන් මීගමුව පමුණුගම ප‍්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ධාවනය කර ඇත.

එම අවස්ථාවේ අනතුර සිදුකළ ලොරිය අධික වේගයෙන් පාර පුරා ධාවනය කරමින් යතුරු පැදිකරු ගමන් කරන මාර්ගයේ විරුද්ධ දෙසින් පැමිණ ඇත. ලොරි රියැදුරු ලොරිය ධාවනය කරන ආකාරය දුටු යතුරු පැදියෙන් ගමන් කළ පියා තම යතුරු පැදිය පාරේ අයිනකට ගෙන නවතා තිබී ඇත.

එහෙත් අධික වේගයෙන් පැමිණි ලොරිය යතුරු පැදියේ ගැටී අනතුර සිදුකර ඇත. එම අනතුරෙන් යතුරු පැදිය ධාවනය කළ පියාගේ හිසට ඉලඇටවලට සහ අක්මාවට බරපතළ හානි සිදුවී ඔහු මියගොස් තිබේ.

යතුරු පැදියේ පිටුපස සිටි දියණියට උරහිසට සහ උකුල් ඇටයට බරපතළ තුවාල සිදුවී රෝහල් ගත කර තිබේ.

මෙම අනතුරු සිදුකළ රියැදුරුට බර වාහන ධාවනය සඳහා රියැදුරු බලපත‍්‍රයක් තිබී නැත. පසුව අනතුර සම්බන්ධයෙන් රියැදුරුද, නිසි වාහන බලපත‍්‍රයක් නොමැති අයෙකුට තම ලොරිය ධාවනය කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් ලොරි හිමිකරුද අධිකරණය හමුවට පමුණුවා ඔවුන් සැප්තැම්බර් මස 17 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

දුන්ගාල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චමින්ද රණසිංහ මහතාගේ උපදෙස් මත එහි රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ජයන්ත පතිරණ මහතා මෙහි විමර්ශන කටයුතු සිදුකරයි.

මීගමුව සමූහ - විමල් කීර්ති

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles