Divaina - මාවනැල්ල ප‍්‍රා. සභාව ගාලගෝට්ටියක් වෙයි - ජාතික ගීයේ සහ පළාත් ගීයේ සංගීතයට මා විරුද්ධයි - ඒ වෙලාවට මා සභාවට එන්නේ නෑ - මාවනැල්ල ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර කාමේල් කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

poli5- කාමේල් තවුහිද් ජමාත් පල්ලි හදන්න සම්බන්ධයි - සහරාන් මාවනැල්ලට ගෙනත් රැක බලා ගත්තා

- ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර සමන් කුමාර චෝදනා කරයි

ජාතික ගීයේ සහ පළාත් ගීතයේ සංගීතයට මම විරුද්ධ නිසා ජාතික ගීය සහ පළාත් ගීතය ගායනා කරන වේලාවට මම සභාවට එන්නේ නැතැයි එම්. එස්. එම්. කාමේල් මහතා (පො. ජ. පෙ.) පෙරේදා (10 දා) පැවැති මාවනැල්ල ප‍්‍රාදේශීය සභා
රැස්වීමේදී පැවසීය.

මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම සභාපති චන්දන කුමාර ජයවන්දල මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

මන්තී‍්‍රවරයාගේ මෙම ප‍්‍රකාශයට සිංහල මුස්ලිම් මන්තී‍්‍රවරුන් සිය විරෝධය ප‍්‍රකාශ කිරීම නිසා සභාව එකම ගාලගෝට්ටියක් බවට පත් විය. කාමේල් මන්තී‍්‍රවරයා වසරකුත්් මාස හතරක් සභා රැුස්වීමට පැමිණියේ ජාතික ගීය සහ පළාත් ගීතය ගායනා කිරීමෙන් පසුව බව සභාපති මහතා සභාව අමතා පැවසීය.

කාමේල් මන්තී‍්‍රවරයා තවුහිද් ජමාත් සංවිධානයේ පල්ලියක් සෑදීමට සම්බන්ධ බවත් සහරාන් නමැති ත‍්‍රස්තවාදියා වසරකට අධික කාලයක් මාවනැල්ලට රැුගෙනවිත් ආරක්ෂාව ලබාදී බලාගත් බවත් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී රුවන් කුමාර දයාරත්න මහතා මෙහිදී සඳහන් කළේය. මන්තී‍්‍රවරුන් වෙතින් එල්ලවූ දැඩි විරෝධ මධ්‍යයේ මන්තී‍්‍රවරයා සභාවෙන් පිටව ගියේය.

යූ. ආර්. ජයන්ත සේනානායක - මාවනැල්ල
 

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles