Divaina - දෙවියෙක් වැනි වෛද්‍යවරයෙක් සිටින හම්බන්තොට අක්ෂි ශල්‍ය වෛද්‍ය ඒකකයේ අඩුපාඩු රැසක් - එක ඇඳක ලෙඩුන් 6 ක් ඉන්නවා

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

hospital- දිනකට කාච බද්ධ 100 ක් කරන  - රෝහලේ තියෙන්නෙ ඇඳන් 25 යි

හම්බන්තොට මහ රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය ඒ්කකයට ඇතුළත් වන  රෝගීන්ට නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදුව ඇතැයි රෝගීහු පවසති. අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා දිනකට රෝගීන් 100 කට අධික ප‍්‍රමාණයකට ඇස්වලට කාච බද්ධ කරති. කාච බද්ධ කරන රෝගීන් පෙර දිනයේ රෝහලට රෝගීන් ඇතුළත් විය යුතු අතර ඔවුන්ට හිඳ ගැනීමටවත් තැනක් නොමැති බව පවසති. ලෙඩුන් 100 කට හෝ ඊට වැඩි ප‍්‍රමාණයකට ඇත්තේ ඇඳන් 25 - 30 ක් අතර ප‍්‍රමාණයකැයි රෝගීහු පවසති.

එක ඇඳක ලෙඩුන් 6 දෙනෙකුට සිටීමට සිදුව ඇතැයි රෝගීහු පවසති. වැසිකිළි ඇත්තේ 2 ක් පමණි. නාන කාමර 1 කි.

ජනාධිපතිතුමා විසින් ළඟදී විවෘත කරන ලද හම්බන්තොට නව රෝහලට අක්ෂි ශල්‍ය වෛද්‍ය ඒ්කකය ගෙන යෑමට කටයුතු කර නොමැති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි. අහිංසක රෝගීන් වෙනුවෙන් මෙතරම් මහඟු සේවාවක් ඉටු කරන අක්ෂි ශල්‍ය වෛද්‍ය ඒකකය නව රෝහලට ස්ථාපනය නොකරන්නේ මන්දැයි පුදුමයකි. අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය අයෙෂ්මන්ත පීරිස් මහතා වැනි වෛද්‍යවරුන් දෙවිවරුන්ට සමාන කළ හැකි යැයි රෝගීහු පවසති. එම වෛද්‍යවරයා වළස්මුල්ල මුලික රෝහලට සායන සඳහා පැමිණෙන්නේ උදෑසන 4 ට පමණය. දිස්ත‍්‍රික්කයේම රෝගීන් කාච බද්ධ කිරීමට යන්නේ හම්බන්තොට මූලික රෝහලටය. දිවා ? නොබලා මහඟු සේවාවක් සිදු කරන මෙම වෛද්‍යවරයාට රෝගීහු ප‍්‍රසාදය පළ කරති.

වළස්මුල්ල - කෝට්ටගේ

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles