Divaina - රුපියල් කෝටි 15 ක් වංචා කළ බැංකු කළමනාකාරවරිය යළි රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

578බළන්ගොඩ මොරහැල, උඩවෙල සණස බැංකුවේ සිදුවී ඇතැයි සඳහන් රුපියල් කෝටි පහළොවක පමණ මුදල් වංචාව සම්බන්ධයෙන් එහි කළමනාකාරවරිය මේ මස 24 දක්වා යලි රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට බළන්ගොඩ මහෙස්ත‍්‍රාත් හා දිසා විනිසරු ඞී. එම්. ජයරුවන් දිසානායක මහතා 10 දා නියෝග කළේය.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඒ. කේ. මංගලිකා චිත‍්‍රාංගනී කරුණාරත්න නමැති බැංකු කළමනාකාරවරිය මුලින්ම අත්අඩංගුවට ගන ලැබුවේ අගෝස්තු මස 15 වැනිදාය. ඉන්පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරින්වර රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර මෙම නියෝගය කෙරුණේ ඇය 10 දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

බළන්ගොඩ සහකාර පොලිස් අධිකාරි දුමිඳු සේනානායක මහතාගේ උපදෙස් මත පින්නවල පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා ඇත.

බළන්ගොඩ - එන්. එච්. පියසේන

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles