Divaina - බවුසරය පොලිස් ජීප් රථයේ පිටුපස ගැටී කොස්තාපල් මරුට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

police1- නිලධාරීන් තිදෙනකුට හා රිය සහායකට තුවාල

කොළඹ - මහනුවර මාර්ගයේ මාවනැල්ල උතුවන්කන්ද ප‍්‍රදේශයේදී ඊයේ (11 දා) අළුයම සිදුවු මාරක රිය අනතුරකින් මාවනැල්ල පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු

මියගොස් පොලිස් නිලධාරීන් තිදෙනෙක් තුවාල ලබා ප‍්‍රතිකාර සඳහා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කොට සිටිති.

මාවනැල්ල පොලිසියේ ජංගම මුරසේවා ජීප් රථය පසුපස ඉන්ධන බවුසරයක් ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුව ඇතැයි මාවනැල්ල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ජී.ජී. යසස් පියුම් කුමාර (48) නමැති දෙදරු පියෙකි. මොහු

කඩුගන්නාව අංගේවත්ත අංක 17 ඒ ලිපිනයේ පදිංචිව සිටි අයෙකි. මොහුට අවුරුදු 8 සහ 12 වයසේ දරුවෝ දෙදෙනෙක් සිටිති.

අනතුරට පත් පොලිස් ජීප් රථය රාතී‍්‍ර මුර සංචාරයක යෙදී සිටියදී කිසියම් අවශ්‍යතාවක් සඳහා උතුවක්කන්ද හංදියට මඳක් දුරින් පාර අයිනේ නවතා ඇත. ඒ අවස්ථාවේ පසුපසින් පැමිණි බවුසරයක් ජිප් රථයේ පසුපස ගැටී ඇත.

මෙම පොලිස් ජීප් රථය පාරෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී පහළට පෙරළී නොගොස් නැවතී තිබිණි. මෙම බවුසරයේ රිය සහායක අනතුරින් තුවාල ලබා ඇති අතර රියැදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාවනැල්ල පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති අකිල කරුණාරත්න මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

යූ. ආර්. ජයන්ත සේනානායක - මාවනැල්ල

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles