Divaina - ලෝකාන්තයේ මැණික් ගැරූ සිවු දෙනාට ලක්‍ෂ හතරක් දඩ වසර පහක අත්හිටුවූ සිර දඬුවම්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

hortan1හෝර්ටන්තැන්න වනෝද්‍යනයට අයත් කිරිගල්පොත්ත පහළ ප‍්‍රදේශයේ මැණික් පතල් කැපීමේ චෝදනාව මත පුද්ගලයන් සිවු දෙනෙකු වනෝද්‍යන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහෙස්ත‍්‍රාත් වෙත ඉදිරිපත් කරන ලදී.

මොවුනට එක් අයකුට රුපියල් ලක්‍ෂය බැගින් දඩ මුදලක් ගෙවීමටත්, වසර බැගින් වූ බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර එය වසර 05 කට අත්හිටුවීමටත් මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

කළුතර, බලන්ගොඩ, බගවන්තලාව, පැල්මඩුල්ල යන ප‍්‍රදේශවල මෙම පුද්ගලයන් මැණික් ගැරීම සඳහා භාවිතා කළ ජල මෝටරයක්, ඩිජිටල් මිනුම් උපකරණයක් මැණික් බැලීමේ විදුලි ටෝර්ච් එකක් ඇතුළු උපකරණ රාජසන්තක කෙරුණි.

හෝරටන් තැන්න උද්‍යන භාරකාර පී. කේ. පී. එම්. ප‍්‍රදීප් කුමාර මහතාගේ මෙහෙයවීම මත වන අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ, වන අඩවි ආරක්‍ෂක එච්. එම්. එච්. ජයරන්ත, රුක්ෂාන් ධාරක ලක්මාල් වන ක්‍ෂේත‍්‍ර සහකාර උපුල් ශාන්ත, උදයකුමාර සහ රාජපක්‍ෂ යන මහත්වරු මෙම වැටලීමට එක්වූහ.

බළන්ගොඩ එන්. එච්. පියසේන
 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles