Divaina - දෙවන ලෝක යුද සමයේ ආයුධ ගබඩාවක්‌ ලෙස භාවිත කළ භූගත බංකරය සංරක්‍ෂණය කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

  ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

 

banker777
 
 1942 දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදාව ආරක්‍ෂිත අවි ආයුද හා පතරොම් ගබඩාවක්‌ ලෙස භාවිතා කළ පැරණිතම භූගත බංකරයක්‌ සංරක්‍ෂණය කරමින් ජනතාවට නැරඹීමේ අවස්‌ථාව ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ නගරාධිපති මධුර විතානගේ මහතා විසින් පෙරේදා (9 දා) උදේ සිට උදාකර දුන්නේය.
 
 මෙම අවි ආයුධ සහ පතරොම් භූගත බංකරය පිහිටා ඇත්තේ නාවල පොදු සුසාන භූමියේය.
 
 වසර ගණනාවක්‌ පුරා මෙම භූගත බංකරය පිහිටි ස්‌ථානය මීට පෙර වල් බිහිවී ජරාවාස වී තිබිණි. පසුව නරගාධිපති මධුර විතානගේ මහතාගේ උපදෙස්‌ මත නගර සභා සේවකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් දින කීපයක්‌ තුළදී එම භූගත බංකරය මුළුමනින්ම සුද්ද පවිත්‍ර කර ප්‍රියමනාප ස්‌ථානයක්‌ බවට පත්කරනු ලැබීය.
 
 මෙහිදී මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ නගරාධිපති මධුර විතානගේ මහතා මෙසේ පැවසීය.
 
 මේක බ්‍රිතාන්‍යය පාලන කාලයේ බ්‍රිතාන්‍ය හමුදාව විසින් භාවිතා කරපු භූගත බංකරයක්‌. විශේෂයෙන්ම මෙය ඉහළ තාක්‍ෂණයකින් යුතුව හදපු බංකරයක්‌. කාලයක සිට මෙකේ කැලෑ වැවිලා වවුලන්ගේ අසූචිවලින් පිරිලා තිබුණේ.
 
 වෙඩි බෙහෙත්, පතරොම් හා ආයුධ තමයි මෙහි ගබඩා කරලා තිබුණේ. ජපන් හමුදාවත් බෝම්බ හෙළන කොට ඒ බෝම්බවලින් වෙඩි බෙහෙත් හා පතරොම් ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් තමයි මේ බංකරය බ්‍රිතාන්‍ය හමුදාව හදලා තිබුණේ. විශේෂයෙන්ම අපි මේ ස්‌ථානය ජනතාවට, පාසල් දරුවන්ට දැක බලා ගන්න පුළුවන් විදිහට පිළිසකර කරලා තියෙනවා.
 
 මේ අවස්‌ථාවට නියෝජ්‍ය නරගාධිපති ප්‍රේමලාල් අතුකෝරල මහතා ද සහභාගි විය.
 
 ඡායාරූප - ධර්මසේන වැලිපිටිය

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles