ප්රසාද් විද්යාරූප - අකුරැුස්ස
කොටපොළ හිගුරුපනාගල ප්රදේශයේ 49 හැවිරිදි එක්දරු මවක් ත්රීරෝද රථයක දමාගෙන පැහැර ගැනීමට ගිය පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට කොස්මෝදර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෙම කාන්තාව තම ඥාති සහෝදරියක් සමග තේ ඉඩමක දළු කඩා ඇයගේ ස්කූටරයෙන් පැමිණ ඇති අතර මෙම කාන්තාවට හෙල්මට් නැති නිසා ඇය ගල්දොළ හන්දියෙන් ස්කූටරයෙන් බැස තිබේ. ඒ අවස්ථවේ එම ස්ථානයට ත්රීරෝද රථයක් පැමිණ ඇති අතර එහි රියදුරා තමා හඳුනන බවත් එහි නැග යන ලෙසත් ඥාති සහෝදරිය පවසා ඇත. නමුත් මෙම කාන්තාව එම ත්රීරෝදයේ යාමට අදිමදි කර ඇතත් සහෝදරියගේ බලවත් පෙරැුත්තය නිසා එයට නැග තිබේ.
තී්රරෝද රථයේ යන අතර තමා යන්නේ ගැටබරුව හන්දියට පමණක් බව එහි රියදුරා පවසා ඇතත් ගැටබරු හන්දිය පසුවීත් ත්රීරෝද රථය ගමන් කිරීම නිසා කාන්තාව ඒ ගැන රියදුරුගෙන් විමසා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ තමා ඕලකන්දට යන බවත් ඇය හිගුරුපනාගලින් බස්සවා යන බවත්ය.
නමුත් කොටපොළදී ත්රීරෝදය එකවරම ඌරුබොක්ක පාරට හරවා අධික වේගයෙන් ධාවනය කරවා තිබේ. ඒ අවස්ථාවේ මෙම කාන්තාව ත්රීරෝදයේ බාර් එකේ එල්ලී පැනීමට තැත් කරද්දී ත්රීරෝදයේ වේගය අඩාල වී ඇති අතර එහිදී කාන්තාව ත්රීරෝදයෙන් පැනගෙන ඇත.
මෙම පැනීමෙන් ඇය සුළු තුවාල ලබා ඇති අතර ඉන්පසු ඇය කොස්මෝදර පොලිසියට ගොස් මේ පිළිබඳව පැමිණිලි කර තිබේ. පැමිණිල්ලට අනුව ත්රීරෝදය හා රියදුරා පොලිසිය මගින් හඳුනාගෙන ඇති අතර ඔහු අත් අඩංගුවට ගැනීමට කොස්මෝදර වැඩ බලන පොලිස් ස්ථානාධිපති විජිතානන්ද මහතා ඇතුළු නිළධාරිහු පරීක්ෂණ පවත්වතිි.