Divaina - අගමැතිගේ ගාලූ සංචාරය.... ෂාන් හා දයාසිරිගේ මෙහෙයුම.... ඇල්පිටියේ ඡන්දය....

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

maagam135ඉකුත් සති අන්තයේ අගමැති රනිල් වික‍්‍රමසිංහයන් ගාල්ලට හා බද්දේගමට පැමිණියේය. ඒ අගමැතිවරයාගේ සමීපතමයකු වන වජිර අබේවර්ධන ඇමතිවරයාගේ ආරාධනයෙනි. බද්දේගම දී අගමැතිවරයා සමෘද්ධිලාභින්ට හිමිකම්පත් බෙදා දීමේ උත්සවයට එක්විය. මේ සඳහා සජිත් පේ‍්‍රමදාස ඇමතිවරයාට සහයෝගය පළකිරීම සඳහා පැවති කුරුණෑගල රැුලියට එක්වූ බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත‍්‍රීවරයා ද එක්ව සිටියේය. ඔහු අගමැතිවරයා සමග ඉතා සුහදව කථාකරනු දක්නට ලැබිණ. එදින විජේපාල හෙට්ටිආරච්චි මන්ත‍්‍රීවරයාගේ උපන් දිනය ද යෙදී තිබුණි. අගමැති රනිල් වික‍්‍රමසිංහ හෙට්ටිආරච්චි මන්ත‍්‍රීවරයාට උපන්දින සුභ පැතුම් එක් කිරීමට ද අමතක කළේ නැත. මෙහිදී වජිර අබේවර්ධන ඇමතිවරයා හෙට්ටිආරච්චි මන්ත‍්‍රීවරයාට සහතිකයක් ලබාදීමට ද අමතක කළේ නැත. මෙකී උත්සවයට පෙර දින විද්‍යුත් නාලිකාවක පැවති දේශපාලන සංවාදයකට හෙට්ටිආරච්චි මන්ත‍්‍රීවරයා එක්ව සිටියේය. ඒ ගැන වජිර කථා කළේය. විජේ හොඳට ඒ වැඩසටහනේ දී රජය වෙනුවෙන් කරුණු දක්වමින් කථා කළා. වජිර අබේවර්ධන ඇමතිවරයා හෙට්ටිආරච්චි මන්ත‍්‍රීවරයා ගැන සඳහන් කරමින් අගමැතිවරයාට එසේ කීවේය. මේ ගැන අගමැතිවරයා හෙට්ටිආරච්චි මන්ත‍්‍රීවරයාට විහිළුවක් කරමින් කනට කර යමක් කිවේය. ගාල්ලේ දි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දකුණු පළාත් කාර්යාලය විවෘත කරනු ලැබුවේ ද අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙනි. මෙහිදී අගමැතිවරයා මෙරට සංචාරක කර්මාන්තය ගැන කථා කිරීමට ද අමතක කළේ නැත. ලබන නොවැම්බර් දෙසැම්බර් වන විට මෙරට සංචාරක කර්මාන්තය යළි යථා තත්වයට පත්විය හැකි බවට අගමැතිවරයා විශ්වාසය පළකළේය.

ඇල්පිටියේ ඡන්දය

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ දින වකවානු තීන්දු කිරීමත් සමග ප‍්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ මෙකී මැතිවරණය මුල්කරගනිමින් සංවිධාන කටයුතු ආරම්භකොට ඇත. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත‍්‍රික් නායක දොස්තර රමේෂ් පතිරණ හා නියෝජ්‍ය නායක නීතිඥ මොහාන් පී ද සිල්වා ඇතුළු පක්ෂ ක‍්‍රියාකාරින්ගේ ප‍්‍රධානත්වයෙන් අපේක්ෂකයන් කැඳවා ඇල්පිටියේ දි පසුගිය දා රැුස්වීමක් පැවැත්විණි. මේ සඳහා ගීතා කුමාරසිංහ හිටපු මන්ත‍්‍රීවරිය මෙන්ම, චම්ලි විතානාච්චි, දුල්ෂාන් කාරියවසම්, සම්පත් අතුකෝරල ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙකී මැතිවරණයේ සංවිධාන කටයුතු කළයුතු ආකාරය මෙන්ම මැතිවරණයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ රමේෂ් හා මොහාන් අපේක්ෂකයන් ඇතුළු පක්ෂ ක‍්‍රියාකාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබීය. ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් ඉතා විශිෂ්ට ජයග‍්‍රහණයක් පොහොට්ටුවට ලැබෙන බවට රමේෂ් පතිරණ මන්ත‍්‍රීවරයා මෙහිදී දැඩි විශ්වාසයෙන් යුතුව සඳහන් කළේය. මේ අතර එජාපයද සංවිධාන කටයුතු ආරම්භකොට තිබේ. බෙන්තර ඇල්පිටිය ආසනයේ එජාප සංවිධායකවරයා වන්නේ ඇමති ගයන්ත කරුණාතිලකය. ගයන්ත කරුණාතිලක ඇමතිවරයා ද සිය අපේක්ෂකයන් හා පක්ෂ ක‍්‍රියාකාරින් කැඳවා මැතිවරණ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබීය. මේ අතර සජිත් පේ‍්‍රමදාස ඇමතිවරයාට ඇල්පිටියේ මැතිවරණය මෙහෙයවන ලෙස එජාප ක‍්‍රියාකාරින්ගෙන් ඉල්ලිීම් ලැබෙමින් පවතින බවද දැන ගන්නට තිබේ. මේ අතර ඇල්පිටියේ එජාප හිතවතුන් සඳහා මැතිවරණය ඉලක්ක කරගනිමින් නොයෙකුත් වරදාන වරප‍්‍රසාද ලබාදෙන බවට පොහොට්ටුවෙන් ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් ද සිල්වා හා නීතිඥ ලලිත් යූ ගමගේ විසිනි. මේ අතර ජ.වි.පෙ. විසින්ද සිය බලමුළු තරකරමින් ගම්මට්ටමින් බිම් මට්ටමින් සිය මැතිවරණ මෙහෙයුම ආරම්භකොට තිබේ.

ෂාන් හා දයාසිරිගේ මෙහෙයුම

මුළු රටම බලා සිටින ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡුන්දය වෙනුවෙන් ශ‍්‍රී.ල.නි. පක්ෂය දිනවන සටනේ මූලික සාකච්ඡුාවක් පසුගිය දා ශ‍්‍රී.ල.නි.ප. මහ ලේකම් දයාසිරි ජයසේකර හා ශ‍්‍රී.ල.නි.ප. ගාල්ල දිස්ත‍්‍රික් නායක ෂාන් විජයලාල්ගේ ප‍්‍රධානත්වයෙන් ඇල්පිටිය වසන්ත ගෙස්ට්හි දී පැවැත්විණි. මේ සඳහා ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක, දකුණේ ආණ්ඩුකාර හේමාල් ගුණසේකර හිටපු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු දිස්ත‍්‍රික්කයේ සියලූම ආසන සංවිධායකවරුන් පැමිණ සිටියහ. බෙන්තර ඇල්පිටිය ශ‍්‍රී.ල.නි.ප. ප‍්‍රධාන සංවිධායක අමිල කාරියවසම් මේ සඳහා ලොකු වෙහෙසක් ගෙන කටයුතු කළේය. ගාලූ දිසාවේ ශ‍්‍රී.ල.නි.ප. පළාත් පාලන මන්ත‍්‍රීවරුන් හා මෙවර ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට තරග වදින ශ‍්‍රී.ල.නි.ප. අපේක්ෂක අපේක්ෂිකාවක් ඇතුළු ගාලූ දිසාවේ ශ‍්‍රී.ල.නි.ප. ප‍්‍රධාන ක‍්‍රියාකාරීන් දහසකට ආසන්න ප‍්‍රමාණයක් මේ සඳහා පැමිණ සිටීම විශේෂත්වයකි. ශ‍්‍රී.ල.නි.ප. මූලස්ථානයෙන් අමිලට දන්වා තිබුණේ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන් පමණක් රැස්කොට සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන ලෙසයි. එහෙත් ඉන් එහාට ගිය අමිල කාරියවසම් තම දිස්ත‍්‍රික් නායක ෂාන්ගේද සහාය ඇතිව විශාල පිරිසක් ඇල්පිටියට ගෙන්වා තම බලය පෙන්වීමට සැලසුම් කර තිබුණි..

රැස්වීමට ප‍්‍රථම ආරාධිතයන් පැමිණ සිටි බැවින් දයාසිරි ෂාන්ට කීවේ ආණ්ඩුකාරතුමා අපි ටවුන් එකට ගිහින් තේ එකක් බීලම එමු කියායි. ඉන්පසු දයාසිරිගේම වාහනයෙන් ෂාන් හා මුතුහෙට්ටිගම ඇතුළු පිරිස ඇල්පිටිය නගර මධ්‍යයේ පිහිටි සී.එන්.හෝටලයට ගොස් ආප්ප කා ටික වේලාවක් සුහද කථා බහක නිරත විය. තේ බීමට හෝටලයට ගිය පසු හෝටලයේ සේවක මණ්ඩලයට දැඩි ගැටලූවකට මුහුණ දෙන්නට වූයේ ආණ්ඩුකාර ෂාන්ට පුටුවක් තැබීමට යාම හේතුවෙන්ය. එකට තැබූ ප්ලාස්ටික් පුටු තුනක් තබා ෂාන්ට ඉඳ ගන්නට සැලැස්වූ සේවකයා කීවේ සර් අපිට මෙහෙම දෙයක් කලින් වෙලා නෑ කියාය.

ඉන් අනතුරුව රැස්වීමේ වැඩසටහන ආරම්භ කළ අතර දයාසිරි කීවේ මෙවර ඇල්පිටිය ඡන්දයෙන් අපේ පක්ෂයේ බලය කෙසේ හෝ පෙන්විය යුතු බවයි. ඒ සඳහා දිස්ත‍්‍රික් නායක ෂාන් හා ආණ්ඩුකාර හේමාල් නායකත්වය ගෙන කටයුතු කරන බවත් පක්ෂයක් ලෙස සැලසුම් සහගත වැඩසටහනක් ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බවයි. ඉන් අනතුරුව දිස්ත‍්‍රික්කයේ සියලූම සංවිධායකවරුන්ට ඇල්පිටිය බලප‍්‍රදේශයේ කොට්ඨාශ වෙන් කර දී මට ඉදිරියේ දී සැලසුම් කිරීමට කටයුතු යොදන බව මහ ලේකම්වරයා කී අතර, ආණ්ඩුකාර ෂාන්ගෙන් දයාසිරිට ලොකු ඇගයීමක් හිමිවීම කැපී පෙනුණි. තමා කිසිදිනෙක කාටවත් ප‍්‍රශස්ති නොගයන බවත් එහෙත් වැඩක් කරන දයාසිරි මහලේකම්තුමාට ප‍්‍රශංසා කිරීම තමාගේ යුතුකමක් බව පැවසීය.

මනෝජ්ගේ වාසනාව

මනෝජ් සිරිසේන දකුණු පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙකි. හේ අකුරැස්ස ආසනයේ ශ‍්‍රි.ල.නි.පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා ද වන්නේය. ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පතාක යෝධයකු වන චන්ද්‍රසිරි ගජධීර මන්ත‍්‍රීවරයාගේ අභාවයෙන් පුරප්පාඩුවන මන්ත‍්‍රී ධුරය සඳහා පත්වීමට නියමිතව ඇත්තේ මනාප ලයිස්තුවේ ඊළ`ගට සිටින මනෝජ් සිරිසේන හිටපු පළාත් ඇමතිවරයාය. මේ බව දැනගත් මනෝජ්ගේ හිතවතුන්ගෙන් ඔහුට සුභ පතමින් දුරකථන ඇමතුම් ගලාගෙන එන්නට විය. මාතර දිස්ත‍්‍රික්කය සඳහා පසුගිය මහ මැතිවරණයේ ලදී. සන්ධානයෙන් මන්ත‍්‍රීවරු 05 දෙනෙකු තේරීපත් වූහ. මනාප ලැයිස්තුවේ හයවන ස්ථානයට පත්ව සිටියේ ලක්ෂමන් යාපා අබේවර්ධන මන්ත‍්‍රීවරයාය. ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරනු ලැබීය. කුරුණෑගල ශාන්ත බණ්ඩාර මන්ත‍්‍රීවරයා මෙන් මාතර ලක්ෂමන් යාපා අබේවර්ධන මන්ත‍්‍රීවරයා තමන්ට ජනතා ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට පිවිසිය යුතු බව කියා මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ නැත. මනෝජ් සිරිසේනට මාස කිහිපයකට හෝ පාර්ලිමේන්තු යාමේ වරම ලැබී තිබේ. මනෝජ් සිරිසේන ශ‍්‍රි.ල.නිපක්ෂයේ අකුරැස්ස ආසනයේ සංවිධායකවරයා වුවද හේ රාජපක්ෂවරුන් සමග ද ඉතා සුහදව කටයුතු කරන අයෙකි. මනොජ්ගේ පියාවන එච්.ජී. සිරිසේන දකුණු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන ඇමතිවරයෙකි. හේ 89 වර්ෂයේ සිට 94 දක්වා ශ‍්‍රි.ල.නි.පක්ෂයේ මාතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරයකු ලෙසද කටයුතු කළේය.

අක්මීමන සමූපේ බලය එජාපයට

අක්මීමන විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තෝරාගැනීිම සඳහා මහ සභා රැස්වීම පැවතියේ ඉකුත් 09 වැනිදාය. අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් 07 දෙනෙකු තෝරා පත්කරගත යුතු විය. මේ සඳහා එජාපයෙන් මෙන්ම පොහොට්ටුවෙන්ද කණ්ඩායමක් ඉදිරිපත් කොට තිබුණි. එජාප කණ්ඩායමේ නායකත්වය දැරුවේ තුසිත ලියනගේය. පොහොට්ටුවේ කණ්ඩායම් නායකත්වය සමෘද්ධි නිලධාරියකු වන සමන්ත ගුණසේකර විසින් දරනු ලැබීය. මහ සභා රැස්වීමට පෙර මහ සභා සාමාජිකයන් තම පාර්ශව වෙත දිනා ගැනීම සඳහා විවිධ වරදාන වරප‍්‍රසාද ලබාදෙමින් දෙපාර්ශවයේම අය විවිධ මෙහෙයුම් ක‍්‍රියාත්මක කොට තිබුණි. විජේපාල හෙට්ටිආරච්චි මන්ත‍්‍රීවරයා ද මේ සඳහා සෘජුව මැදිහත් විය. තුසිත ලියනගේ දක්ෂතාවය නිසා අවසානයේ තියුණු තරගයකින් පසු සමුපකාර සමිතියේ බලය එජාපයට දිනා ගැනීමට හැකිවිය.

ලලිත් චාමින්ද



sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles