Divaina - මුල්ලිවයික්කාල් කැළයකින් මහා පිපුරුම් හඬක්‌

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new


 
 දිනසේන රතුගමගේ
 
 bomමුලතිව් මුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේ 9 දා රාත‍්‍රී කැළයක ගින්නක් හටගැනීමෙන් පසුව එම කැළය තුළින් විශාල පිපිරීමක හඬක්‌ ඇසී තිබේ.
 
 රාත‍්‍රියේ ඇති වූ ගින්න නිසා කැළයක තිබූ බෝම්බයක් වැනි යමක් ගින්නට හසු වී පුපුරා යාමෙන් ඒ හ`ඩ ඇසෙන්නට ඇතැයි මුලතිව් මුල්ලිවයික්කාල් ගම්වැසියෝ කියා සිටියහ.
 
 මුලතිව් පොලීසියෙන් විමසූ විට පොලීසිය කියා සිටියේ එම පළාතේ ගින්නක් හට ගත් නමුත් පිපිරීමක් පිළිබඳව ඔවුන්ට තොරතුරු ලැබී නොමැති බවයි.
 
 මුලතිව් මුල්ලිවයික්කාල් ප‍්‍රදේශවාසීන් පැවසූවේ මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍ර‍ධාන මාර්ගය ආසන්න ප‍්‍රදේශයේ එලෙස පිපුරුම් හඬක්‌ ඇසුණු බවයි.
 
 මුල්ලිවයිකාල් යුද හමුදා කඳවුර හා මුලතිව් නාවික හමුදා කඳවුරු භූමිය පිහිටි අතරමැදි කලාපයේ අදාළ පිපිරීම් හඬ ඇසුණු බවද මුල්ලිවයික්කාල් ප‍්‍රදේශවාසීහු පැවසූහ.
 
 යුද්ධයේ අවසන් සටන් මුලතිව් මුල්ලිවයික්කාල් ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ අතර එම යුද සමයේදී දෙපාර්ශ්වය විසින්ම භාවිත කරන ලද බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය මේ ප‍්‍රදේශයේ කැළෑ වල තිබී වරින් වර හමුවෙයි.
 
 මෙසේ පුපුරා යන්නට ඇත්තේද එවැනි බෝම්බයක් විය හැකි බවට විශ්වාස කෙරේ.

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles