Divaina - අත් පා බැඳ, කටට පාන්කඩ ඔබා තලාපිටියේ මැණික් හා රන් බඩු ව්‍යාපාරිකයකු නිවස තුළම මරා දමලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

ගාල්ල ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි, අහංගම සුගතපාල දීයගහගේ
 
 මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයකු රෙදිපටිවලින් අත් දෙපා බැඳ මුඛයට පාන්කඩ ඔබා ඊයේ (10* අලූයම සිය නිවස තුළදී ඝාතනය කොට ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
 
 මොහු ගාල්ල තලාපිටිය නො. 46 සකියුලර් ප‍්‍රදේශයේ පදිංචි මොහොමඞ් ලෙබ්බේ මරික්කාර නොහොත් ගපිර් හාජ්ජයාර් (69* නමැති අයෙකි.. මොහු සිය නිවස තුළ ගරාජයට මුහුණලා ඇති කාමරයක නිදාගෙන සිටියදී ඝාතනය කොට ඇති බැව් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙකී පුද්ගලයා නිදා සිටි කාමරයේ ග‍්‍රිල් ගලවා කාමරය තුළට ඇතුල්වී මෙකී ඝාතනය කොට ඇත. නිවසේ මොහුගේ දරුවන් හත් දෙනෙකු සිට ඇති අතර ඔවුන්ද මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෝ වෙති.
 
 මොහු පදිංචිව සිටි නිවස වටා තාප්පයක් බැඳ ඇති අතර කිසියම් පිරිසක් විසින් තාප්පයෙන් පැන මොහු ඝාතනය කරන්නට ඇති බව සැලකේ. ඝාතනයට ලක්වු පුද්ගලයාගේ ගෙළ ප‍්‍රදේශය තුළ කැපුම් තුවාල දක්නට ඇති අතර පොලිසියේ සොකෝ නිලධාරින් පැමිණ පරීක්ෂණ ආරම්භ කොට ඇත.


sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles