Divaina - වෙද නලාවක් පැළඳ කරාපිටිය රෝහලේදී දොස්තරවරයකුට ඇන්ඳ තරුණයෙක් අත්අඩංගුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new


 
 ගාල්ල ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි
 
 doka135ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල තුළ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි විසිපස් හැවිරිදි තරුණයකු කරාපිටිය රෝහල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසියට භාර දි ඇත.
 
 මොහු වෙද නලාවක් පැළඳ රෝහලේ බාහිර රෝගී අංශයේ සිට වාට්ටු දෙසට ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බැව් රෝහල් පොලිසිය පවසයි. සැකකරු දික්වැල්ල බතීගම ප‍්‍ර දේශයේ පදිංචිකරුවෙකි. මොහු 2016 වර්ෂයේ දී විද්‍යා අංශයෙන් අ.පො.ස. උසස්පෙළ විභාගයට පෙනී සිට තිබේ. එහිදී ඔහු ඒ සාමාර්ථ දෙකක් සහ බී සාමාර්ථයක් ලබාගෙන ඇති අතර එහෙත් ලකුණු මදිවීම නිසා වෛද්‍ය විද්‍යාලයකට යාමට නොහැකිවී ඇත.
 
 මොහුගේ පියා මියගොස් ඇත. වෛද්‍යවරයකු වීම මොහුගේ සිහිනයක් බවට පත්ව තිබුණි. එය ඉටුකර ගැනීමට නොහැකිවීම නිසා මේ අයුරින් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටින බව මොහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
 
 ගාල්ල පොලිසිය මගින් මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles