Divaina - කි‍්‍රකට් ගහන විට බෝලය අහුලන්න ගිය අයියා එක වරම බිම වැටුණා...සොයුරා සාක්‍ෂි දෙයි සබරගමුව සරසවි සිසුවාගේ මරණ පරීක්‍ෂණය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 sabara
 
 ගලේවෙල විශේෂ
 
ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිරව සිටි තරුණයකු හදිසියේ මියයාමේ පුවතක් මාදිපොළ කැඳන්ගමුව ගමෙන් වාර්තාවේ.
 
මෙසේ මියගොස් ඇත්තේ ඞී.ඞී.විනීත මහේෂ් රාජපක්ෂ (21) නමැති සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යාපන පීඨයේ පළමු වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි. මේ පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය දඹුල්ල මහ රෝහලේදී මාදිපොල හදිසි මරණ පරීක්ෂක අශෝක සේනානායක මහතා විසින් පසුගිය 22 වැනිදා පවත්වන ලදී. එහිදී සාක්ෂි දුන් සරසවි සිසුවාගේ මව වන පී.ඞී.මාලා මල්කාන්ති(48)මෙසේ පැවැසුවාය.
 
 ‘‘මගේ සැමියා විදේශයක රැකියාව කරනවා. අපට පුතුන් දෙදෙනෙක් ඉන්නවා. මියගොස් සිටින්නේ වැඩිමල් පුතායි. ඔහු සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. ඔහු නිවසට පැමිණ සිටිද්දී පසුගිය 21 වැනිදා සවස තුනහමාරට පමණ තවත් ළමුන් පිරිසක් සමග නිවෙස අසල පිහිටි වෙල්යායට ක‍්‍රිකට් සෙල්ලම් කරන්නට ගියා. පසුව මම නිවෙසින් බැහැරව ගොස් සිටින විට ලොකු පුතා ක්ලාන්තයක් හැදී මාදිපොල රෝහලට ගෙනගිය බව ආරංචි වුණා. පසුව මම එම රෝහලට ගොස් බලද්දී පුතා මියගොස් ඇති බව දැනගත්තා. මියගිය පුතාට කුඩා කාලයේදී හෘද සැත්කමක් කර තිබෙනවා. ඒ සඳහා ඔහුට විටින් විට ප‍්‍රතිකාර ලබා දී තිබෙනවා. මීට වසරකට පමණ පෙරත් මහනුවර රෝහලෙන් ප‍්‍රතිකාර ලබා දුන්නා. තවත් ප‍්‍රතිකාරයක් ලබා දීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණත් ඒ සඳහා අවස්ථාව ලැබුණේ නෑ. ඒ අතරතුර පුතා මියගියා.”‍යැයි පැවැසුවාය.
 
 මියගිය තරුණයාගේ බාල සොයුරා වන විනෝද් මදුසංක රාජපක්ෂ (14) මෙසේ පැවැසීය.
 
 ‘‘මියගොස් සිටින්නේ මගේ වැඩිමහල් සොයුරායි. පසුගිය 21 වැනිදා පස්වරුවේ අයියා හා මම තවත් යහළුවන් කිහිපදෙනකු සමග නිවෙස අසල පිහිටි වෙල් යායට ක‍්‍රිකට් සෙල්ලම් කිරීමට ගියා. එහිදී ටික වේලාවක් සෙල්ලම් කරද්දී අයියා බෝලයක් ඇහිඳීමට යද්දී හදිසියේම බිම ඇද වැටුණා. අපි ඔහු ළඟට ගියත් කතා කළේ නෑ. පසුව ඔහු අපේ ත‍්‍රීවීලර් එකෙන් මාදිපොල රෝහලට ගෙන ගොස් ප‍්‍රතිකාර ලබා දුන්නත් ජීවිතය බේරා ගැනීමට නොහැකිවුණා.”‍යැයි පැවැසීය.
 
 මේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද්දේ දඹුල්ල මහ රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී එන්.ලක්මාලි එම්.ගමගේ මහත්මිය විසිනි. ඉදිරිපත් වූ සාක්ෂි අනුව මෙම මරණය හෘදයාබාධයකින් සිදුවූවක් බව හදිසි මරණ පරීක්ෂකවරයා විසින් තීරණය කරන ලදී. ගලේවෙල පොලිසියේ පො.සැ.(24867) සෙනෙවිරත්න මහතා සාක්ෂි මෙහෙයවීය.
 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles