Divaina - ත‍්‍රිකුණාමලයේ ගෙවල් බිද මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑ කල්ලියක් අත්අඩංගුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 trinco

ත‍්‍රිකුණාමලය - සමන් මල්ලවආරචිච්

ගෙවල් බිද මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑ සංවිධානාත්මක කොල්ල කල්ලියක් පුද්ගලයන් සිව් දෙනකු උණු කරන ලද රන් පවුම් 17 යි තුන් කාලයක් හා තවත් භාණ්ඩ රැුසක් සමග අත් අඩංගුවට ගත් බව ත‍්‍රිකුණාමලය මුලස්ථාන පොලිසිය පවසයි ත‍්‍රිකුණාමලය මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවිම මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක විජේසිංහ මහතා ඇතුලූ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබුණි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් මඞ්කෝ සහ නිලාවෙලි ප‍්‍රදේශයන්හි පදිචිකරුවන් බව පොලිසිය පවසයි සැකකරුවන් කාලයක් පුරාවටම සොරා ගන්නා ලද යතුරු පැදියක් හා ත‍්‍රිරෝද රථයක් භාවිතා කරමින් ප‍්‍රදේශයේ නිවෙස් වලට ඇතුලූව රන් භාණ්ඩ ඇතුළු දේපල කොල්ල කා ඇති බවත් ඒ සම්බන්ධව කල විමර්ශණ වලට අනුව පොලිස් කොස්තාපල් ජයතුංග (75769) මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර මොවුන් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබි උණු කල රන් පවුම් 17 යි තුන් කාලක් පිත්තල හා සිල්වර් ලෝහයෙන් නිපදවු වළලූ හා මාල කිහිපයක්, ග‍්‍රිල් මැෂිමක්, රූප ලාවන්‍ය කට්ටල හා කුඩ, රූපවාහිනි යන්ත‍්‍රයක්, විඩියෝ කැමරා දෙකක් හා රුපියල් 5000 කට ආසන්න මුදලක් තිබු බවත් ගෙවල් බිදිමට හා රන් භාණ්ඩ කොල්ල කෑමට යොදා ගත් වෙනත් අයෙකුගෙන් සොරා ගන්නා ලද යතුරු පැදියක්ද මුහුණ සහ දෙඅත වැසෙන සේ ඇදිය හැකි නින්ජා වර්ගයේ කලූ පැහැති ඇදුමක්ද කොල්ලකෑම් සදහා භාවිතාකල ත‍්‍රිරෝද රථයක්ද පොලිසිය විසින් සොයා ගෙන තිබුණි මෙම කොල්ල කරුවන් මේ වනවිට උප්පුවේලි පොලිස් වසම තුල නිවාස හතරක් ත‍්‍රිකුණාමලය පොලිස් වසම තුල නිවාස හතරක් හා නිලාවෙලි පොලිස් වසම තුල නිවාස තුනක් කොල්ල කා ඇති බව පොලිසිය පවසයි ත‍්‍රිකුණාමලය මුලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින් වන පොලිස් කොස්තාපල්වරුන් වන (83276) එච්. එම්. ධම්මික, (82023) එම්. ඒ. ප‍්‍රියංකර, (42834) සිල්වා, (33789) දයාසිරි යන මහත්වරු මෙම වැටලීමට එක්වුහ. සැකකරුවන් ත‍්‍රිකුණාමලය මහේස්ත‍්‍රත්අධිකරණයට ඉදිරිපත්කිරිමට නියමිත අතර මුලස්ථාන පොලිසියේ අපරාධ අංශය සැකකරුවන් සම්බන්ධව වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබයි.

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles