Divaina - මහනුවර සිට ඇල්ලට ගිය දුම්රිය පිලි පනි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new


  train
දුම්රිය පීලි පැන තිබු අයුරු සහ පීලි පැන තිබු දුම්රිය ආපදා අංශයේ සේවකයින් විසින් පිලි ගත කරන අයුරු ඡුායාරුප කිහිපයක්
 
 
නුවරඑලිය නාලක රත්නායක, ගම්පොළ සුරංග දිල්හාන්
 
මහනුවර සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය විශේෂ දුම්රිය ගම්පොල සහ උලපනේ දුම්රිය ස්ථාන දෙක අතර තැඹිලිගල දුම්රිය ස්ථානය ආසන්නයේදි පිලි පැනිම හේතුවෙන් ඉකුත් 24 දින උදැසන 9 සිට එදින රාත‍්‍රි 11 දක්වා උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ තිබුණි.
 
 24දා උදැසන 9 ට පමණ ධාවනය වෙමින් තිබු දුම්රියේ එන්ජිම සහ මැදිරි හතරක් පීලි පැන තිබු අතර , පීලි පැනිමෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වි තිබු බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ. පීලි පැනිමට ලක් වු දුම්රියේ සංචාරකයන් විශාල පිරිසක් සිටි බවත්,ඔවුන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා වෙනත් දුම්රියකින් එදිනම පිටත් කිරිමට කටයුතු කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
 
 දුම්රිය පීිලි පැනිම හේතුවෙන් 24 දින කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් ගම්පොල දුම්රිය ස්ථානය දක්වාත් , බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියන් නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය කර එම දුම්රියවල ගමන් ගන්නා මගින් එම දුම්රිය ස්ථාන දෙක අතර ලංගම බස් රථ වලින්
 
 ප‍්‍රවාහනය කර දුම්රිය ස්ථාන දෙක අතර නතර කර තිබු දුම්රියන් වලින් සිය ගමනාන්තය දක්වා යැවිමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබුණි.
 
 පීලි පැනිමට ලක් වු දුම්රියේ එන්ජිම සහ මැදිරි හතර නාවලපිටිය සහ මහනුවර දුම්රිය ආපදා අංශයේ නිලධාරින් සහ සේවකයන් විසින් පිලි ගත කර 24 දින රාත‍්‍රි 11 පමණ වන විට උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කෙරිණ.
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles