Divaina - අතුරුදහන්වූවන් පිළිබදව සොයා බැලීමේ කාර්යාලයට එරෙහිව විරෝධතා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


  athuru
 
 දිනසේන රතුගමගේ
 
යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතී සංගම් රජය විසින් යාපනයේදී පිහිටුවන ලද අතුරුදහන් වූවන් පිළිබදව සොයා බැලීමේ කාර්යාලයට එරෙහිව වවුනියාව කිලිනොච්චිය හා යාපනය දිස්ත‍්‍රික්ක වල 24 දා කාර්යාලයට එරෙහිව විරෝධතා පැවැත්වූහ.
 
 එම සංගම් කියා සිටින්නේ මීට පෙර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව සොයා බැලීම සදහා මැක්ස්වල් පරණගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොමිසමක් පත් කරණ ලද නමුත් ඉන් කිසිම ප‍්‍රයෝජනයක් සිදු නොවූ බවයි.
 
 එම කොමිසමේ නිර්දේශයන්ට අනුව පුද්ගලයින් 19000 ක් දෙනා යුද සමයේදී අතුරුදහන් වී ඇති බවට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරණ ලද නමුත් මේ දක්වා ඉන් කිසිවකුටත් සහන සිදු නොවූ බවයි.
 
 කොමිසම් හමුවේ සාක්කි දීමට යාම සදහා බස් ගාස්තුද අදාල ලියකියවිලි ලබා ගැනීමට හා ඒවායෙහි ඡුායාපිටපත් ලබා ගැනීමට විශාල මුදලක් වැය වූවත් එම කොමිසම් වලට කාලය කා දමමින් සහභාගී වුවත් කිසිම පලක් නොවූ බව යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීහු කියා සිටියහ.
 
 මේ රජය විසින් පිහිටුවන ලද කාර්යාලයේ තත්ත්වයද එයම බව උතුරේ එම සංවිධාන වල සාමාජිකයින් ප‍්‍රකාශ කරණ අතර මේ කිසිම කොමිසමකට බලයක් නොමැති බවද කියා සිටියහ.
 
 අතුරුදහන් කරවීම්වලට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් හා තනතුරු කළින් කොමිසම වෙතත් මේ කොමිසම වෙතත් අවස්ථා ගණනාවකදීම ලබා දෙන ලද නමුත් අඩුම තරමින් කොමිසම ඒ පිරිසට එරෙහිව නඩු පැවරීමටවත් කටයුතු කොට නොතිබීම තුලින් කොමිසමේ බලය පෙනී යන බවද එම සංගම් කියා සිටියා මේ නිසා කොළඹ එවැනි කාර්යාලයක් පිහිටුවීමෙන් පසුව යාපනයේ තවත් කාර්යාලයක් පිහිටුවීමේන් යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන්ට කිසිදු සහනයක් නොලැබෙන බවද ඔවුහු පැවසූහ.
 
 මේ වන විට යුද සමයේදී අතුරුදහන් වූ සියලූම පුද්ගලයින් පිළිබදව සියලූම තොරතුරු රජය වෙත ලැබී අවසන් වී ඇති බව පවසන ඥාතී සංගම් තව දුරටත් එකම තොරතුර සදහන් කරමින් ලිපි ගොණු පිරවීමෙන් කාලයත් විශාල මුදලකුත් වැය වන බවද කියා සිටියහ.
 
 මේ වැය වන විශාල මුදල යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන්ට වන්දි ගෙවීම සදහා යොදා ගත්තේ නම් මෙම කාර්යාල පිහිටුවීමට වඩා එය වැදගත් බව ඥාතී සංගම් වල හා ඥාතීන්ගේ අදහසයි.

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles