Divaina - අනියම් ඇසුර බිඳ වැටී සිත් තැවුලට පත් විවාහකයා දිවිනසාගෙන

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new


 
 
 ඒකල සැනිමන් ද සිල්වා
 
අනියම් ඇසුරක් බිඳ වැටීම නිසා සිත් තැවුලට පත් විවාහක පුද්ගලයකු ගෙල වැලලාගෙන මියගොස් ඇති බව ජාඇල පොලිස් බල ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.
 
 ඉකුත් 24දා උදෑසන ජාඇල පොලීසියට ලද තොරතුරක් අනුව කොන්ක‍්‍රීට් කණුවක් මත ගෙල වැලලාගෙන මියගොස් ගොස් සිටි පුද්ගලයකු හමු වී ඇත. මෙලෙස මියගොස් ඇති පුද්ගලයා පොලොන්නරුවේ පදිංචි 45 හැවිරිදී අයෙකුු බව පොලිසිය හදුනාගෙන ඇත.
 
 මියගොස් සිටි අය ජාඇල ලිපිනයේ තාවකාලිකව පදිංචි ව සිට ඇත. මේ අතර තුර මොහු තවත් කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවක් ගොඩනගාගෙන සිට ඇත. කිසියම් හේතුවක් නිසා මෙම අනියම් ඇසුර කාන්තාව විසින් නතර කර තිබු බව පොලිසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 23 දා මියගිය පුද්ගලයා විසින්
 පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව ද පොලිසිය පවසයි.
 
 පසුව මිය ගිය පුද්ගලයා ජාඇල සුදු වැල්ල ප‍්‍රදේශයේ මාර්ගය ක් අද්දර ඇති කොන්ක‍්‍රීට් කණුවක් මත රෙදි පටියකින් ගෙල වැලලාගෙන මියගොස් ඇති අතර අනියම් ඇසුර බිද වැටීම නිසා මෙලෙස සිය දිවි හානි කර ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
 

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles