Divaina - විවෘත කිරිමට පෙර අධිවේගයේ ගමන් කළ ත‍්‍රි රෝද රථය ගිනිගනියි අධිවේගි මාර්ගයටත් දැඩි හානි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new


 
highway
 
 මත්තල දිලිප් එන් ජයසේකර
 
ඉදිකරමින් පවතින මත්තල සිට මාතර දක්වා වු දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට පිවිසුම ආසන්නයේ මාර්ගයේ තිබී ගිනිගෙන විනාශ වු ත‍්‍රි රෝද රථයක් හම්බන්තොට පොලීසිය විසින් සොයාගෙන තිබේ.
 
 දක්ෂිණ අධිවේගි මාර්ගයේ හම්බන්තොට පිටවීමේ හා ඇතුළු වීමේ පිවිසුමට කිලෝ මිටර් 05ක් පමණ මත්තල දෙසට වන්නට අදිවේගයේ මාර්ගය මැද ගිනිගෙන විනාශ වු ත‍්‍රිරෝද රථයක් ඇති බවට හම්බන්තොට පොලීසියට ලද දුරකතන ඇමතුමකට අනුව පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.
 
 එහිදි සිදුකළ මුලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ මෙම ත‍්‍රිරෝද රථය හම්බන්තොට සිට ඉදිකරමින් පවතින දක්ෂිණ අධිවේගි මාර්ගයේ හම්බන්තොට පිවිසුමෙන් ඇතුළු වි සුරියවැව දක්වා ගමන් කරමින් සිටියදී ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනි ගෙන විනාශ වි ඇති බවයි.
 
 මේ වන විට ත‍්‍රිරෝද රථය ගිනි ගන්නා අවස්ථාව වන විට පැදවු බව කියන අයිති කරු ලෙස සැළකෙන සුරියවැව පදිංචි පුද්ගලයා සම්බන්ධයෙන් හා ගිනි ගැනිම සම්බන්ධයෙන් පොලිස් විමර්ෂණ ආරම්භ කර තිබේ.
 
 ත‍්‍රිරෝද රථය ඉදිකරමින් පවතින අධිවේගි මාර්ගය තුළදි ගිනි ගැනිමට ලක් විම නිසා අධිවේගී මාර්ගයටද දැඩි ලෙස අලාභ හානි සිදුව තිබේ.අධිවේගි මාර්ගය විවෘත කිරිමට පෙර අනවසරයෙන් එම මාර්ගයේ ගමන් කිරිම නිසා මාර්ගයට සිදුව ඇති අලාභය ත‍්‍රිරෝද රථයේ හිමිකරුගෙන් අයකරගැනිමට සිදුවන බවයි.
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles