Divaina - පුතා ඔසවාගෙන ඉදිරියට දිව ආ බිරිඳ “දරුවා ලොරියට යටවුණා” කියා කීවා; බයිසිකලය සමඟ දරුවා ලොරියේ හිරවෙලා ඉඳලා....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new


  බළන්ගොඩ - එන්. එච්. පියසේන
 
 “සිද්ධිය වූ දින ගෙදරට බඩු ටිකක් ගේන්න ගමේ කඬේට ගියා. එවිට මගේ පුතා තවත් ළමයි කීපදෙනකු සමඟ බයිසිකල් පදිමින් සිටියා. මා ආපසු එද්දී මා ඉදිරියට පුතා ඔසවාගෙන දිව ආ බිරිඳ කිව්වා “ අනේ අපේ පුතා ලොරියට යටවුණා කියලා. වහාම රෝහලට ගෙන ගියා. එහෙත් පැය 1/2 කින් පසුව පුතා මියගියා.”
 
 බළන්ගොඩ වතුකරකන්දේ පදිංචිව සිටි ලියනගේ නෙතු තේජාන් සත්සර අවුරුදු 4 1/2 දරුවාගේ මරණය පිළිබඳ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් ඉහත ප්‍රකාශය කරන ලද්දේ ලියනගේ නිහාල් අජන්ත ලියනගේ නමැති මියගිය දරුවාගේ පියා විසිනි.
 
 දරුවාගේ මව වන ඒ. නදීකා දිල්රුක්‍ෂි පෙරේරා නමැති අය ද මෙහිදී සාක්‍ෂි දුන්නාය. බළන්ගොඩ වලේබඩ වතුකාරකන්ද ප්‍රදේශයේදී 16 වැනිදා තේ දලු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අතුරු මාර්ගයක පිටුපසට ධාවනය කරද්දී රෝද දෙකේ කුඩා බයිසිකලය සමග මෙම දරුවා ලොරිය තුළ හිර වී තිබියදී ඉන් ඉවතට ගත් බව පරීක්‍ෂණවලදී හෙළිදරව් විය.
 
 පශ්චාත් මරණ පරීක්‍ෂණය බළන්ගොඩ මූලික රෝහල් වෛi නිලධාරිනි බී. එන්. ගුණවර්ධන මහත්මිය විසින් සිදුකරන ලද අතර, සාක්‍ෂි මෙහෙයවීම පින්නවල පොලිසියේ පො. කො. (71475) තිලකරත්න මහතා විසින් සිදු කරන ලදී.
 
 මෙවැනි කුඩා දරුවන් වාහන ගමන් කරන මාර්ගවල සෙල්ලම් කිරීමට යැවීම ගැන දෙමාපියන් මීට වඩා සැලකිලිමත් විය යුතු බවත් ලොරි රථයේ සහායකයකු නොසිටීම අඩුපාඩුවක් බවත් වැලිගෙපොල හදිසි මරණ පරීක්‍ෂක එස්. එම්. අයි. ඩී. මීගස්දෙනිය මහතා පෙන්වා දුන්නේය.
 
 බළන්ගොඩ මූලික රෝහලේදී 17 වැනිදා මෙම මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වූයේ මොළයට සිදු වූ බරපතළ හානි හේතුවෙන් දරුවාගේ මරණය සිදුවී ඇති බවයි. ලොරි රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 

 
 

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles