Divaina - මුදල් සමග නැතිවූ පසුම්බිය යළිත් අයිතිකරුටම භාරදුන් ආදර්ශවත් දියණියක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

 කන්තලේ ඩබ්.එම්.වික්‍රමසිංහ
 
girl222විශ්‍රාමික යුද හමුදා කෝප්‍රල්වරයකුගේ අනන්‍යතා ලියකියවිලි හා රුපියල් දස දහසක් සමග මුදල් පසුම්බිය නැතිවී පැය කිහිපයක් ඇතුළත හිමිකරු අතටම ගෙනදුන් අවංක දියණියක පිළිබඳව කන්තලේ ගංතලාව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
 
 කෝප්‍රල් ජී.ජී.ධර්මදාස මහතා උදෑසනින්ම නිවසින් පිටව ඇත්තේ තම යතුරුපැදියේ මාසික වාරිකය ගෙවීම සඳහා මුදල් ද පසුම්බියේ දමා ගෙනය. කන්තලේ ගංතලාව සිය නිවසින් පිටව ගිය ඔහු පැයකට පමණ පසු යම් අවශ්‍යතාවයකට මුදල් පසුම්බිය බැලු‍ව ද එය සාක්කුවේ නොතිබුණි.
 
 හීන්දාඩිය දැමූ හෙතෙම ගමන් කළ මාර්ගය වූ පාසල් මාර්ගය ද සෝදිසි කළ මුත් පසුම්බිය නොලැබුණි. උදෑසන පාසල් ළමුන් මාර්ගයේ ගමන් ගත් නිසා හෙතෙම මේ පිළිබඳව විදුහල්පතිවරයා ද දැනුවත් කොට කළ යුත්තේ කුමක් දැයි කල්පනා කරමින් නිවසේ සිටින විට ගමේම පදිංචි පාසල් දැරියක වූ 9 වැනි ශ්‍රේණියේ ඩබ්.එම්.චරුති නෙළුනිකා දැරිය නිවසට පැමිණ මුදල් සහිත පසුම්බිය ධර්මදාස මහතාගේ සුරතට පත් කොට ඇත.
 
 මුදල් හා අනෙකුත් ලියකියවිලි එලෙස තිබුණ බව පවසන ධර්මදාස මහතා එවෙලෙහිම දරුවාට යම් පරිත්‍යාගයක් ද කොට ඇයගේ නිවසට ගොස් දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ඕනෑම උදව්වක් ඉල්ලන ලෙස දෙමාපියන්ට ද පවසා ඇත. ඔහු මේ අවංක දියණිය ගැන අපටද වතගොත කියා සිටියේය.

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles