Divaina - ස්කාගාර සංස්ථාවේ සේවකයකුගේ සුවිසල් නිවසෙ කෝටි තුනක මත්පැන් ස්ප‍්‍රීතු බැරල් 15ක් හමුවේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

රාජ්‍ය ස්කාගාර සංස්ථාවේ සේවකයකුගේ දොඩංගොඩ පිහිටි සුවිසල් නිවසක ගබඩා කර තිබූ රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් මත්පැන් ස්ප‍්‍රීතු බැරල් 15 ක් (මි.ලී. 375000ක්* ඊයේ (14දා* දොඩංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් බැරල්වල ස්ප‍්‍රීතු ලීටර් තිස් පන්ලක්ෂ පන්සීයක ප‍්‍රමාණයක් අඩංගු බව ද පොලිසිය සඳහන් කරයි.

මෙම ස්ප‍්‍රීතු තොගය රාජ්‍ය ස්කාගාර සංස්ථාවෙන් හොර රහසේ ගෙන ආ ඒවා දැයි සැකයක් පවතින බවත් ඒ ඔස්සේ ඉදිරි පරීක්ෂණ මෙහෙය වන බවද පොලිසිය සඳහන් කරයි.

අදාළ නිවසට දහවල් කාලයේදී නාඳුනන පුද්ගලයින්, වාහන පැමිණෙන බවට පොලිසියට ලැබී තිබුණු තොරතුරු අනුව ඒ පිළිබඳ අවධානයෙන් පසුවූ දොඩංගොඩ පොලිසිය මෙම ජාවාරම හසු කර ගැනීමට සමත්ව තිබිණි.

සිද්ධියට අදාළ යැයි සැකකරන රාජ්‍ය ස්කාගාර සංස්ථාවේ සේවකයා අත්අඩංගුවට ගැනීම සඳහා දොඩංගොඩ පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

සුජීව තත්සර
 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles