Divaina - බල ලෝභයෙන් නායකත්වය වෙනස් කිරීමෙන් පමණක් පක්‍ෂයට ජයගත නොහැකියි - ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

re9 2බල ලෝභයෙන් යුතුව නායකත්වය වෙනස් කිරීමෙන් පමණක් පක්ෂයකට ජයග‍්‍රහණය කළ නොහැකි බව හිටපු ඇමැති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
 
 රාගම ප‍්‍රදේශයේ දී ඊයේ (14දා* පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේද කීවේය.
 
 අපේ පක්ෂය ඇතුළේ ගැටලූ තියෙනවා. එ්වා සමථයකට පත් කර ගත යුතුයි. ගෝඨාභයට බණින අය ?ට ඔහු සමඟ  ගනුදෙනු කරනවා. එවැනි වැඩ කිරීමෙන් සිදු වෙන්නේ පාක්ෂිකයන් අතරමං වීම.
 
 සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පැමිණියහොත් රටේ මේ තිබෙන තත්ත්වයත් එක්ක ඔහුට පරිපාලනය කරන්න හැකියාවක් තිබෙනවාදැයි මෙහිදී මාධ්‍ය විමසූ ප‍්‍රශ්නයට ෆොන්සේකා මහතා මෙසේ පැවසීය.
 
 අපි තවම අපේක්ෂකයා විවේචනය කරන්න පටන් ගත්තේ නෑ. රට හදන්න බැරි නුසුදුස්සෙක් ආවොත් හෘද සාක්ෂියට එකඟව වේදිකාවට නැඟලා ඔවුන් වෙනුවෙන් කැප කිරීම් කරන්න බැරි වෙනවා.
 
 එ් නිසා විවේචන පටන් ගන්න තාම කල් වැඩියි. බල ලෝභය වෙනුවෙන් වෙනත් අයෙක් නායකයාගේ පුටුවේ වාඩි වෙලා ගමනක් යන්න ගියාට පක්ෂයට හෝ ජනතාවට ඉන් වැඩක් වෙන්නේ නෑ.
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles