Divaina - කන්ජිපානි ඉම්රාන් සමඟ සබඳතා පැවැත්වූ සීසීඞී නිලධාරීන් ගැන පරීක්‍ෂණයක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

ප‍්‍රබල හෙරොයින් ජාවාරම්කරුවකු වන පාතාල නායක කංජිපානි ඉම්රාන් සමග කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කිහිප දෙනකු සමීප සබඳතා පවත්වන බවට මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් පොලිස් මූලස්ථානයට කරනු ලැබු පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්‍ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් අදාළ විමර්ශනය සිදු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය ස`දහන් කරයි.

කංජිපානි ඉම්රාන් සමග කිසියම් පොලිස් නිලධාරියකු සමීප සබ`දතා පවත්වා ඇති බවට මෙහිදී අනාවරණය වුවහොත් එම නිලධාරියාට හෝ නිලධාරීන්ට එරෙහිව උපරිම විනය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස පොලිස් මූලස්ථානය දැනුම් දී ඇත.

මාගල්කන්දේ සුදත්ත හිමියෝ පෙරේදා (13 වැනිදා) පොලිස් මූලස්්ථානයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

ඉකුත් සතියේ මාධ්‍ය හමුවක් පැවත්වූ සුදත්ත හිමියෝ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනකු කංජිපානි ඉම්රාන් සමග සමීපව කතාබහක නිරතව සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් ද මාධ්‍යයට ඉදිරිපත් කළහ.

සමන් ගමගේ
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles