Divaina - මාරවිලදී ලොරි - ටිපර් රථ මුහුණට මුහුණ ගැටී දෙදෙනකුට බරපතළයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

p20 2හලාවත - කොළඹ ප‍්‍රධාන මාර්ගය මාරවිල ප‍්‍රදේශයේදී ලොරි රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

13 වන දින රාත‍්‍රි 9 ට පමණ මෙම අනතුර සිදුවිය.

කොළඹ ප‍්‍රදේශයේ සිට පුත්තලම ප‍්‍රදේශයට ගමන් ගන්නා ලොරි රථයක් සහ හලාවත සිට වෙන්නප්පුව දක්වා ගමන් ගත් වැලි ප‍්‍රවාහනය කළ ටිපර් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.

අනතුරෙන් ටිපර් රථයේ සහ ලොරි රථයේ රියැදුරන් මාරවිල මූලික රෝහලට ඇතුළත් කොට තිබේ.

ලොරි රථය ගමන් ගත් දිසාවට ගමන් කරමින් තිබූ වෙනත් වාහනයක් ඉස්සර කර යෑමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ ගැටී අනතුර සිදුවී ඇත.

අනතුරෙන් ලොරි රථයට හා ටිපර් රථයට බරපතළ හානි සිදු වී තිබේ.

අනතුර හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනයට පැය කීපයක් බාධා එල්ල වී තිබිණි. අනතුර සම්බන්ධව මාරවිල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

අමරනන්ද විජේසේකර - මහවැව
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles