Divaina - මඩවළක එරී දින ගණනාවක් නිරාහාරව සිටි ඇත්පැටවෙක් සෝමාවතිය වනෝiානයෙන් හමුවෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

p20 3කැලෑවේ අතරමංවී මඩවළක එරී දින ගණනාවක් තිස්සේ නිරාහාරව සිටි කුඩා ඇත් පැටවෙක් සෝමාවතිය වනෝiානයෙන් හමුවූ බව වනජීවි නිලධාරීහු පැවසූහ.

සෝමාවතිය ජාතික වනෝiානයේ පෙරියආරු ගගෙන් එගොඩ මූකලන්පට්ටිය කොටසේ මඩවගුරක මෙම ඇත් පැටවා එරී සිටිනු දුටු ප‍්‍රදේශවාසීන් පිරිසක් ඒ බව පුලස්තිගම ශී‍්‍ර ශාක්‍යබිම්බාරාමාධිපති යටිහලගල උපතිස්ස හිමියන්ට දැනුම් දී තිබේ. පසුව උන්වහන්සේ පුලස්තිගම පොලිසියට සහ සුංගාවිල වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට දන්වා සියලූම දෙනා සමග ගොස් ඇත් පැටවා මඩ වගුරෙන් ගොඩට ගෙන ඇත.

නිරාහාරව සිටීම නිසා දුර්වල තත්වයේ පසුවූ ඇත්පැටවා ප‍්‍රදේශවාසීන්ගේද සහය ඇතිව විහාරස්ථානයට රැුගෙනවිත් අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීමට පියවර ගත් බව වනජීවි නිලධාරීහු පැවසූහ.

මහ වනමැද මඩවගුරක සිරවී සිටි වයස අවුරුදු එකහමාරක් පමණ වන මේ ඇත්පැටවා විහාරාධිපති හිමියන්ගේ මඟ පෙන්වීම සහ කැපවීම මත මෙසේ රැුගෙනවිත් ප‍්‍රතිකාර ලබාදීමට හැකිවූ බවද ඔවුහු කීහ.

කරුණාරත්න ගමගේ
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles