Divaina - ආනවිළුන්දාවට පැමිණි ආගන්තුකයා තවමත් හඳුනාගෙන නෑ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

p20 1මීට පෙර හමු නොවූ දුර්ලභ ගනයේ පක්ෂියකු ආනවිළුන්දාව රම්සා අභය භූමියට ආසන්නයෙන් පිහිටි හලාවත - මුතුපන්තිය ¥පතට පැමිණ සිටියදී ගම්වාසීන් විසින් අල්ලා ගෙන වන ජීවී නිලධාරීන්ට බාරදීමට කටයුතු කර ඇත.

12 වැනිදා රාත‍්‍රියේ මෙම පක්ෂියා මුතුපන්තිය ¥පතට පැමිණ ඇත. පසුව ගම්වාසීන් විසින් මෙම පක්ෂියාව සොයා ගෙන තිබේ.

හොට සහ වළිගය දිය කාවකුගේ හැඩය ගන්නා මෙම පක්ෂියාගේ පාද රාජාළියකුගේ පාදවලට සමාන බව වන ජීවී නිලධාරීන් කියයි. සෙන්ටි මීටර් 109 ක් බැගින් වන පියාපත් දෙකක්ද මෙම පක්ෂියාට හිමිය. මෙම පක්ෂියා සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා තවදුරටත් උත්සාහ කරන බව වන ජීවී නිලධාරීන් සඳහන් කරයි.

ආනවිළුන්දාව කුරුළු අභය භූමියට විවිධ සංචාරක පක්ෂීන් පැමිණ ඇති නමුත් මෙවැනි පක්ෂියකු කිසිඳු දිනක දැක නොමැති බව ප‍්‍රදේශවාසීන් සහ වන ජීවී නිලධාරීන් සඳහන් කරති.

මෙම පක්ෂියාගේ සිරුරේ සුළු තුවාල කීපයක් දක්නට ඇති බැවින් එම සතාට ප‍්‍රතිකාර කිරීම සඳහා වන ජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකයට බාර දීමට කටයුතු කරන බව වන ජීවී දෙපාර්තමේන්තුවේ ආනවිළුන්දාව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරියකු පැවසීය.

අමරනන්ද විජේසේකර  - මහවැව
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles