Divaina - මල්ලීගේ පිහි පහරින් අයියා මරුට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p7 145ඉඩම් ආරවුලක් මුල්කර ගෙන ඇති වූ ආරවුලකදී මල්ලී විසින් අයියාට පිහියෙන් ඇන මරා දැමීමේ සිද්ධියක් පිළිබඳව ඇල්පිටිය පොලිසියෙන් වාර්තා වෙයි.

සිද්ධියෙන් මරුමුවට පත්ව ඇත්තේ ඇල්පිටිය, ගණේගොඩ, මෛත‍්‍රීගම අංක 70 ලිපිනයේ පදිංචිව සිටි බණ්ඩාරිගොඩගේ ශාන්ත පුෂ්පකුමාර (51) නමැති එක්දරු පියෙකි.

මියගිය අය බිරිඳ සමඟ වෙන් වී කාලයක් තිස්සේ මහගෙදර (පියාට අයිති) පදිංචිව සිට ඇත. මහගෙදර ඉඩම පිළිබඳව මියගිය අය මීට පෙර ද අවස්ථා

කිහිපයකදී ඝාතක සොහොයුරා සමග ආරවුල් කරගෙන ඇත.

සිද්ධිය වූ 12 දා පස්වරුවේ මියගිය අය සමඟ ඇති කරගත් ආරවුලකින් අනතුරුව සැකකරු විසින් සිය සහෝදරයාගේ සිරුරේ කිහිපපලකට පිහියකින් ඇන ඝාතනය කර ‘‘දැන් ඉතින් ඉඩම් ආරවුල අවසන්’’ යැයි පවසමින් පිහියද රැගෙන පලාගොස් ඇත.

මරණය පිළිබඳව මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය ඇල්පිටිය වැඩබලන මහෙස්ත‍්‍රාත් ලීලාරත්න විතානච්චි මහතා විසින් පවත්වා සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන ලෙසට පොලිසියට නියෝග කළේය.

ඇල්පිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත උප පොලිස් පරීක්‍ෂක මෙන්ඩිස්, පොලිස් සැරයන්වරුන් වන (13723) නිහාල්, (28313) ධර්මසේන (6992) ගුණරත්න සහ පොලිස් කොස්තාපල් (7880) විජේසිංහ යන නිලධාරීහු මේ පිළිබඳ පොලිස් පරීක්‍ෂණ පවත්වති.

ඇල්පිටිය - විදානආරච්චි කීර්තිරත්න, අහුන්ගල්ල - කමල් ශ‍්‍රී ලියනගේ
 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles