Divaina - තමාගේ උදලූ මිට පහරින් මියගිය පුතුට අවසන් බුහුමන් දැක්වීමට පියා මාංචු පිටින් එයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

manchu1මව සහ පියා අතර ඇති වූ ආරවුලක් අතරතුර පියා විසින් එල්ල කළ උදලූ මිට පහරක් වැදී මියගිය සිය 17 හැවිරිදි දරුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම ස`දහා ඊයේ (14 වැනිදා) එම පියා විශේෂ අවසරයක් මත කුරුවිට බන්ධනාගාරයේ සිට දරුවාගේ දේහය තැන්පත් කර තිබූ බලන්ගොඩ මස්සැන්නේ පිහිටි නිවසට රැගෙනවිත් තිබේ.

මෙහිදී දෑතේ මාංචු සමග දරුවාගේ දේහය දෙස බලා සිටි පියා ‘අනේ මට සමාවෙයන් පුතේ මම මේක හිතලා කරපු දෙයක් නෙමේ’ යැයි පවසමින් හ`ඩා වැටී තිබේ.

බීමතින් නිවසට පැමිණි පියා ඉකුත් 8 වැනිදා සිය මව සමග ආරවුලක් ඇති කරගෙන පසුව මවට උදලූ මිට පහරක් එල්ල කිරීමේදී එය වැළැක්වීමට උත්සාහ ගත් මලිත් ධනංජය නමැති මියගිය දරුවා උදලූ මිට පහර වැදීමෙන් බරපතළ තුවාල ලබා ප‍්‍රතිකාර ස`දහා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබිණි.

රත්නපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි දරුවා ඉකුත් 12 වැනිදා (ස`දුදා) මරණයට පත්විය.

මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් දරුවාගේ පියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සමන් ගමගේ
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles