Divaina - ආරක්‍ෂක අංශ සාමාජිකයන් දිවිනසා ගත්තොත් යැපෙන්නන්ට කිසිම දීමනාවක් නෑ- යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

sucide2යුද හමුදාව ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ සිටින ආරක්‍ෂක අංශ සාමාජිකයන් සියදිවි හානිකර ගනු ලැබුවහොත් ඔහුට ඔහුගේ දෙමාපියන්ට හෝ යැපෙන්නන්ට රජය මගින් ලබාදෙන කිසිදු දීමනාවක් හිමිවන්නේ නැතැයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා ‘දිවයින’ ට ඊයේ (14 දා) පැවැසීය. 04 - පිටුවට

යුද හමුදාව ඇතුළු ති‍්‍රවිධ හමුදා සාමාජිකයන්ට යම් ගැටලූවක් ඇත්නම් එය බලධාරීන්ට යොමුකර සහනයක් ලබාගත හැකි බව ද බි‍්‍රගේඩියර්වරයා කීය. ගැටලූව ගැන බලධාරීන් නිිසි විමර්ශනයක් කර හමුදා සාමාජිකයාට සේවයෙන් ඉවත් වී යෑමට හෝ ස්ථාන මාරු ලබා ගැනීම ඇතුළු සහනයක් ලබා ගැනීමට හැකි බව ද ඒ මහතා කීය.

හමුදා සාමාජිකයාට විවිධ හදිසි අවශ්‍යතා ඇති වූ විට නිවාඩු ලබා ගැනීමට හැකි බව පැවසූ ඒ මහතා එම පහසුකම් ලබා නොගෙන දිවිනසා ගැනීම ප‍්‍රශ්නවලට විසඳුම නොවන බව ද කීය.

කොටුව යුද හමුදා මූලස්ථානයේදී දිවි හානිකර ගත් යුද හමුදා සෙබළාගේ සේවා කාලය වසර තුනකුත් මාස 10 ක්. මේ හේතුවෙන් ඔහුට හෝ ඔහුගේ යැපෙන්නන්ට රජයෙන් කිසිදු ප‍්‍රතිලාභයක් හිමි නොවන බව ද බි‍්‍රගේඩියර්වරයා කීය.

අවම වශයෙන් වසර 05 ක සේවා කාලයක් තිබුණා නම් මෙම සෙබළාට මරණ පාරිතෝෂිකය හෝ ලබා ගැනීමට හැකිව තිබූ අතර සේවා කාලය අඩුවීම නිසා ඔහුට එම අවස්ථාව ද අහිමි වී ඇත. මොහු විවාහ වී නොමැති නිසා වැන්දඹු අනත්දරු විශ‍්‍රාම වැටුපට ද හිමිකමක් නැත. සියදිවි හානිකර ගැනීම නිසා සෙබළාගේ දෙමාපියන්ට ද කිසිදු ප‍්‍රතිලාභයක් හිමි නොවන බව විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය.

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ සේවයේ නියුතු යම් සාමාජිකයකු රාජකාරියේ යෙදී සිටියදී මියගියහොත් ඔහුට මරණ පාරිතෝෂික දීමනාව, වයස 55 දක්වා වැටුප සහ වයස 55 න් පසු විශ‍්‍රාම වැටුප් හිමිකම ලැබෙන බව ද එම නිලධාරියා තවදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles