Divaina - ‘මගේ උපන් දිනයට ඔයාට අමුතු තෑග්ගක්’ - පෙම්වතියට එස්.එම්.එස්. එකක් යවා සෙබළා වෙඩි තබාගෙන දිවි නසාගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

sucide1‘‘මගේ උපන් දිනයදා ඔයාට අමුතු තෑග්ගක්’’ යැයි පෙම්වතියට එස්.එම්.එස්. පණිවුඩයක් යවා යුද හමුදා මූලස්ථානයේ රාජකාරියේ යෙදී සිටි සෙබළකු ඊයේ (14 දා) අලූයම සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි හානි කරගෙන ඇත.

මෙසේ දිවි නසාගෙන ඇත්තේ පොලොන්නරුව අත්තනකඩවල ප‍්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි ඉංජිනේරු සෙබළ ප‍්‍රසන්න මනෝජ් මධුසංක නමැති යුද හමුදා සෙබළෙකි. හෙතෙම කොටුව ආරක්‍ෂක අමාත්‍යාංශයට යාබද යුද හමුදා මූලස්ථානයේ රාජකාරියේ නිරත වන අයෙකි. ඔහු පෙරේදා (13 දා) රාත‍්‍රි රාජකාරියේ යෙදී සිටියදී අලූයම 4.10 ට පමණ වෙඩි තබාගෙන ඇතැයි කොටුව පොලිසියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය.

වෙඩි තබාගත් සෙබළාට අයත් ජංගම දුරකථනය පරීක්‍ෂා කිරීමේදී ‘‘මගේ උපන් දිනය දා ඔයාට අමුතු තෑග්ගක්’’ ඇතුළු වැකි කිහිපයක් සටහන් කර පෙම්වතියට එස්.එම්.එස්. පණිවුඩයක් යවා තිබෙන බව විමර්ශනවලදී හෙළි වූ බව ද එම නිලධාරියා කීය. වෙඩි තබාගත් සෙබළාගේ 27 වැනි උපන්දිනය ද ඊයේට යෙදී තිබූ බව එම නිලධාරියා කීය.

වෙඩි තබාගත් සෙබළාගේ සේවා කාලය වසර තුනකුත් මාස 10 ක් බව හෙළි වී ඇත. කොටුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සාගර ලියනගේ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සූරියකුමාර මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.

චමින්ද සිල්වා
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles