Divaina - රහසිගතව මරා-පුළුස්සා වළ දැමූ වල් අලියකුගේ මළ සිරුර ගොඩගැනේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

p14 1හොරොව්පොතාන, දෙමටවැව, ඔළුවැව ගම්මානයේ වෙල් යායක ඉතා සූක්ෂම ලෙස මරා වළ දමා තිබු වල් අලියකුගේ මළ සිරුරක් වන ජීවි නිලධාරින් විසින් සොයාගෙන ගොඩගත් බව වන ජීවි නිලධාරීහු පවසති.

මෙම වල් අලියා මෙම ප‍්‍රදේශයේම පිරිසක් විසින් මරා , පුළුස්සා, කොටස්වලට කපා, මෙම වෙල් යායට රැුගෙන විත් ඉතා සූක්ෂම ලෙස වළ දමා ඇත. එසේ සඟවා තිබූ මෙම මළ සිරුර පිළිබඳ ලද තොරතුරක් මත වන ජීවි නිලධාරින් විසින් එම ස්ථානය සොයාගෙන මළ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා ගොඩ ගැනීමට කටයුතු කර ඇත.

එම මූලික පරීක්ෂණවලින් සොයාගත් පරිදි මෙම වන අලියා මාසයකට පෙර මරා දමා ඇති බවත්, වයස අවුරුදු 30 ත් 35 ත් අතර පසු වන බවත් මරණ පරීක්ෂණය සිදු කළ අනුරාධපුර වන ජීවි කලාප වෛද්‍ය චන්න ජයසිංහ මහතා පැවසීය.

මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා වල් අලියාගේ අස්ථි කොටස් හොරොව්පොතාන වන ජීවි උද්‍යානය වෙත භාර දුන් අතර එහිදී වැඩිදුර පරීක්ෂණ හොරොව්පොතාන වන ජීවි උද්‍යාන භාර නිලධාරි ඩබ්ලිව්. එම්. ධම්මික සංජීව මහතාගේ මෙහෙය වීමෙන් සිදු කෙරේ.

මැදවච්චිය-ගයාන්

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles