Divaina - හෙටින් පසු වැසි අඩු වෙයි....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new


 
 චමින්ද සිල්වා
 
 මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ කළුතර දිස්ති‍්‍රක්කවලත් අද (14 දා* දිනයේ මිලිමීටර් 150 කට වැඩි තද වර්ෂාපතනයක් පැවතිය හැකි බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.
 
 නිරිත දිග මෝසම් තත්ත්වය සකී‍්‍රය වීම හේතුවෙන් ඊයේ (13 දා* පෙරවරු 8.30 සිට පස්වරු 12.30 දක්වා පැය 04 ක කාලය තුළ රත්නපුර දිස්ති‍්‍රක්කයේ කිරිඇල්ල ප‍්‍රදේශයට මිලිමීටර් 110 කද, කෑගල්ල දිස්ති‍්‍රක්කයට මිලිමීටර් 85.5 ක්ද, රත්නපුරට මිලිමීටර් 103.5 ක්ද, ගාල්ල දිස්ති‍්‍රක්කයේ බන්ගමුකන්ද ප‍්‍රදේශයට මිලිමීටර් 73 ක්ද, කළුතර දිස්ති‍්‍රක්කයේ මොරපිටිය ප‍්‍රදේශයට මිලිමීටර් 71 ක්ද, ඇහැලියගොඩ ප‍්‍රදේශයට මිලිමීටර් 77 ක වර්ෂාපතනයක් ද ලැබී තිබූ බවත් මෙම වර්ෂාපතනයේ වැඩි වීමක් රාති‍්‍රය වනවිට සිදුවිය හැකි බවත් කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥවරයා ඊයේ (13 දා* පැවසීය.
 
 බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලට බලපා තිබෙන වර්ෂාපතනය අද දිනයේත් පවතින බවත් එම තත්ත්වයේ අඩුවීමක් හෙටින් (15 දා* පසු ඇති විය හැකි බවත් එම නිලධාරියා කීය.
 
 මෙම වැසි තත්ත්වය තවදුරටත් අඩු වැඩි වශයෙන් සවස 2.00 න් පමණ පසුව ඇති විය හැකි බවත් වැසි පවතින විට එම ප‍්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 - 80 දක්වා ක්ෂණිකව වැඩි වීමේ හැකියාවක් පවතින බවත් එම නිලධාරියා කීය.
 
 පොතුවිල් සිට හම්බන්තොට, කොළඹ, පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ති‍්‍රකුණාමලය දක්වා මුහුදු ප‍්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා ඉහළ යා හැකි බවත්, එම නිසා මෙම මුහුදු ප‍්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල යෙදීම අනතුරුදායක බවත් එම නිලධාරියා තවදුරටත් කීය.
 
 පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ අම්බෙගමුව, කොත්මලේ, නුවරඑළිය යන ප‍්‍රදේශවල නායයෑමේ අවදානම් ප‍්‍රදේශ හඳුනාගෙන එම ප‍්‍රදේශවලින් ජනතාවට ඉවත්වන ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් දැනුම් දී ඇත.

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles